දේශබන්දුට හැංගෙන්නට සහාය දීම : අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයා ඇප මත නිදහස්

Date:

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට මගහරිමින් සැඟවී සිටීමට සහාය දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ඇප මත මුදාහැරීමට කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් කමල් ප්‍රසන්න විජේසිරි මහතා ඊයේ (මාර්තු 29) නියෝග කර තිබේ.

මෙසේ ඇප මත මුදාහැර ඇත්තේ තලවතුගොඩ, ශාන්තිපුර ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකි.

මෙම ව්‍යාපාරිකයා තම මෝටර් රථවලින් දේශබන්දු තෙන්නකෝන්ට ප්‍රවාහන පහසුකම් සපයා ඇතැයි අනාවරණය වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව දෙවරක්ම කැඳවා ප්‍රශ්න කර ඇත. ඉන් අනතුරුව ඔහු තලවතුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ඇති අතර පොලීසිය එහිදී ඔහුව අත් අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේම තබාගෙන සිට ඇත.

එහිදී මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් කරන ලද ඉල්ලීමක් අනුව කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත්වරයා සැකකරු ප්‍රතිකාර ලබමින් සිටින තලවතුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලට ගොස් ඔහුව පරීක්ෂා කර බැලීමෙන් පසු ඔහුව රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියම කර තිබේ. වැඩිදුර නඩු විභාගය අප්‍රේල් 03 වනදා යළි කැඳවීමට නියමිත ය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට මගහරිමින් සැඟවී සිටීමට සහාය දීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු ද ඊයේ අත් අඩංගුවට ගෙන තිබුණු අතර ඔහුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නින්දට බම්ඹු ගහගන්න කියලා ජීවිතේ විදින ඈයෙක්! අවුරුදු 60ක් පමණ නිදාගෙන නෑ!

සටහන – පුලී නොවැම්බර් 10, කොළඹ (LNW):  වියට්නාම් යුද්ධයේදී අධික...

බිංදුවෙන් පටන් ගන්න කෑගල්ල ක්‍රිකට් පුහුණුකරුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් මඟ පෙන්වයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත්...

අම්පාර මහාධිකරණය විසින් පුද්ගලයින් 06කට මරණ දණ්ඩනය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW : 2015 වසරේ...

වවුනියාවට පැමිණි ක්‍රිකට් පන්දු සහ උපකරණ

නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ‘ජාතික...