රජය කටයුතු කරන්නේ බෙදුම්වාදී න්‍යාය පත්‍රයකට – පොහොට්ටුවෙන් චෝදනා!

Date:

කොළඹ LNW:වත්මන රජයට බලයට පත්වීම වෙනුවෙන් සහය දුන්නේ ඩයස්පෝරාව හෙයින් ඔවුන්ගේ පදයට නැටීමට ආණ්ඩුව බැඳී සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේය.

ඒ අනුව බෙදුම්වාදීන්ගේ න්‍යාය පත්‍රයට අනුව ආණ්ඩුව කටයුතු කරන බව ඔප්පු වෙමින් තිබෙන බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

”මේ ආණ්ඩුවට බලයට එන්න උදව් කළේ ඩයස්පෝරාව. ඔවුන්ට ඕන පදේට නටන්න මේ ආණ්ඩුව බැඳිලා ඉන්නවා. අපි දැක්කා බොහොම අවාසනාවන්ත සිදුවීම් වෙනවා. අපි දැක්කා නැවත මේ රටේ ජාතිවාදය,බෙදුම්වාදය හිස ඔසවනවා. අපි දැක්කා මේ රටේ සමහර ප්‍රදේශවල පන්සලක හාමුදුරුකෙනෙකුට දාන වේලක් දෙන්න බැරි තත්ත්වයක් උද්ගත වෙමින් තියෙනවා. ඉතින් මේක බොහොම කණගාටුදායක තත්ත්වයක්. හැබැයි ජනතාව දැන්වත් තේරුම් ගන්න ඕනේ මේ ආණ්ඩුවට බලයට එන්න උදව් කළේ බෙදුම්වාදීන්. අරගලය පිටිපස්සේත් හිටියා බෙදුම්වාදීන් කොටසක්. මේ බෙදුමවාදීන් තමයි ඔවුන්ගේ න්‍යාය පත්‍රය අනුව තමයි මේ රජය කටයුතු කරන්නේ කියන කාරණය දැන් හොඳටම ඔප්පු වෙමින් තියෙනවා.” යනුවෙන් කාරියවසම් මහතා ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CID සහ FCID ට අමතරව PCID නමින් අලුත් ඒකකයක්

සටහන - රුවන් නෙළුගොල්ල අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ විමර්ශනය කිරීම...

ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට !

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

සියල්ලටම ප්‍රධාන වන්නේ ඔබගේ සිතුවිල්ලයි:සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර

ඔබට අවශ්‍යයවන්නේ මිනිසෙකුට අකමැතිවීමට පළමුව ඒ සදහා අවශ්‍යවන සිතුවිල්ලයි....

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි!

රෂිකා හෙන්නායක අගෝස්තු 23 කොළඹ LNW: හිටපු මහ බැංකු අධිපති...