දේශබන්දුට එරෙහිව ගෙන එන විශ්වාසභංගයේ නීති ප්‍රශ්නයක්.ආණ්ඩුවට පොට පැටලිලාද?

Date:

කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පොලිස්පති ධූරය ඉවත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව විසින් අධිකරණය සහ ව්‍යවස්ථාදායකය අතර අනවශ්‍ය ගැටුමකට මුලපිරීමක් සිදුවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පෙන්වා දෙයි.

එම යෝජනාව කථානායකවරයා විසින් භාර ගැනීමම ඔහු ව්‍යවස්ථා නීතිය නොදන්නා බව පෙන්නුම්කිරීමක් බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුව අධිකරණය ඉදිරියේ විනිශ්චයකට යොමුකර ඇති කරුණක් පිළිබඳව පාර්ලිමේන්තුව තුළ යෝජනා සම්මත කිරීමට හෝ විවද කිරීමට නොහැකි බව ගම්මන්පිල මහතා පෙන්වාදෙයි.

”අපේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල ඉතා පැහැදිලිව සඳහන් වෙනවා අධිකරණ ඉදිරියේ විනිශ්චයට භාජනය වුණු කාරණයක් පිළිබඳ පාර්ලිමේන්තුවට විවාද කරන්න,යෝජනා සම්මත කරන්න,කතා කරන්න බැහැ කියල, එහෙම කරලා තියෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය රකින්න. පොලිස්පතිවරයාගේ තනතුරේ සිටීම,පොලිස්පති තනතුරින් ඔහුව ඉවත් කිරීමට මූලික අයිතිවාසිකම් නඩු ගොණු කර තිබෙන අවස්ථාවක එකපැත්තකින් ඔහුගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ මහේස්ත්‍රාත් අධිකරණයේ විමර්ශනයක් පවතින අවස්ථාවක අනිත් පැත්තෙන් මෙවැනි යෝජනාවක් ගෙන ඒම අධිකරණය සහ ව්‍යවස්ථාදායකය අතර අනවශ්‍ය ගැටුමකට මුලපිරීමක් විදිහට තමයි අපි දකින්නේ. මේ ගැන මීට සති දෙකකට කලින් අනතුරු ඇඟවීමක් කළා. නමුත් අවාසනාවට වර්තමාන කතානායකවරයා මේ යෝජනාව භාර අරගෙන තියෙනවා. අපි දන්නවා ලංකාවේ ඉතිහාසය පුරාම කථානායක ධූර දරල තියෙන්නේ පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් අත්දැකීම් ලබාගත් අය. ඒ නිසා ඒ අයට පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන හොඳ අවබෝධයක් තිබෙනවා. කථානායකවරයා අත්දැකීම් සහිත කෙනෙක් විය යුත්තේ ඇයි? ජනාධිපතිවරයා ගන්න තීන්දු පවා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කරන්න පුළුවන්. නමුත් පාර්ලිමේන්තු ක්‍රියාදාමය තුළ කථානායක ගන්න කිසිම තීන්දුවක් කිසිම අධිකරණයක් ඉදිරියේ අභියෝගයට ලක්කරන්න බැහැ. ඒ නිසා රටේ අන්සියලු දෙනාට නීතිය පිළිබඳ හොඳම අවබෝධයක් තිබෙන කෙනෙක් තමයි කථානායක ධූරයට පත්කළ යුත්තේ. නමුත් අවාසනාවට පළමු වතාවට පාර්ලිමේන්තු ආව නීතිය ගැනත් කිසිම අවබෝධයක් නැති විශේෂයෙන්ම ව්‍යවස්ථා නීතිය ගැන මෙලෝ හසරක අවබෝධයක් නැති පුද්ගලයෙක් කථානායක කිරීමෙන් අධිකරණය සහ ව්‍යවස්ථාදායකය අතර ගැටුමකටකට මේ රට ආණ්ඩුව විසින් තල්ලු කරමින් ඉන්නවා කියන එකයි අපි දකින්නේ.” යනුවෙන් ගම්මන්පිල මහතා කියා සිටියි.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ අද (31) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත්කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නව...

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් වන Anas al-Sharif සහ Mohammed Qreiqeh යනු කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරිදා එනම් ඊයේ...

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රා.ස. මන්ත්‍රී වෙඩි වැදී ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW: වෙඩි වැදීමකින් බරපතළ තුවාල...

වර්ථමාන මීටර් 400 සහ සුගත්ගේ මිටර් 400

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වූ...