ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු නිලධාරීන් තිදෙනෙක් රිමාන්ඩ් – චෝදනාව සාවද්‍ය මුදල් පරිහරණය!

Date:

කොළඹ LNW:සාවද්‍ය මුදල් පරිහරණය කිරීමකට චෝදනා ලබමින් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු නිලධාරීන් තිදෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයට අයත් 2016 සහ 2017වර්ෂවල ව්‍යාපෘති 77කට අදාළව රු 71,645,226.32ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කර ඇති බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ.

එම සාවද්‍ය මුදල් පරිහරණය සම්බන්ධයෙන් 2023 වර්ෂයේදී එවකට සබරගමු පළාත් සභාවේ පළාත් මාර්ග සංවර්ධන ග්‍රාමීය යටිතල පහසුකම් සංචාරක ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් බමුණු ආරච්චිගේ චාමර ප්‍රේමණාත් යන අය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව එම නඩුව විභාග විය.

මෙම ව්‍යාපෘති 77න් 15ක් සිදුකර නොමැති බවද අධිකරණය හමුවේ අනාවරණය වී තිබේ..

ඒ අනුව ඇඹිලිපිටිය ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ මහේෂ් පීරිස් මහතා හමුවේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ ඔහු නියෝග කළේ එම ප්‍රදේශීය සභාවේ තාක්ෂණ නිලධාරියෙකු, ලිපිකරුවෙකු, සහ ලේකම්වරයෙකු මේ මස 08 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසයි.

තාක්ෂණ නිලධාරියා සහ හිටපු ලේකම්වරයා බන්ධනාගාර නිලධාරීන් මඟින් අධිකරණයට ඉදිරිපත් කළ තිබුණු අතර චෝදනා ලැබ සිටින හිටපු ලිපිකරුවා අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් තිබුණි.

මාර්ග හා ක්‍රීඩා පිටිය ඉදිකිරීම් සම්බන්ධයෙන් මෙම වංචාවන් සිදුව ඇති අතර එම අපරාධ සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදුකරන බව පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ හමුවේ කරුණු දක්වා ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...