ඇමරිකාවේ හොංකොං ප්‍රතිපත්ති පනත් වාර්තාවට චීනයේ දැඩි විරෝධය!

Date:

කොළඹ LNW:ඇමරිකාවේ හොංකොං ප්‍රතිපත්ති පනත් වාර්තාව මෙන්ම චීන මධ්‍යම රජයේ හා හොංකොං විශේෂ පරිපාලන කලාප රජයේ නිළධාරීන්ට ඊනියා සම්බාධක පැනවීමට එරෙහිව චීනය දැඩි විරෝධය පළ කරනවා.

චීන රාජ්‍ය මණ්ඩලයේ හොංකොං සහ මැකාඕ සබඳතා කාර්යාලයේ ප්‍රකාශකවරයා එම ක්‍රියාවන් හෙළා දකිමින් මේ බව ප්‍රකාශ කළා.

ඇමරිකාවේ මෙම ක්‍රියාව, ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සබඳතා පාලනය කරනු ලබන මූලික සම්මතයන් පවා දැඩිව උල්ලංඝනය කර ඇති බවයි චීනය පවසන්නේ. හෙතෙම පෙන්වා දී ඇත්තේ, ඇමරිකාවේ මෙම හැසිරීම, එරට අධිපතිවාදී මානසිකත්වය සහ උමතු හැසිරීම යළිත් වරක් මුළු ලොවටම හෙළි කළ අවස්ථාවක් බවයි.

ඇමරිකාව පෙන්නුම් කරනු ලබන මෙම ක්‍රියාව හොංකොං විශේෂ පරිපාලන කලාපය අස්ථාවර කිරීමේ අභිප්‍රාය මනාව පෙන්නුම් කරන්නක් බව ද චීන ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

හොංකොං හි පවතින වඩාත් ආරක්ෂිත සහ ස්ථාවර සංවර්ධනීය පරිසරය, ගෝලීය ආයෝජන ආකර්ෂණය කර ගනිමින් සිටිනවා. ගෙවුණු සතිය තුළ හොංකොං හි පැවති ආර්ථික හා මූල්‍ය අවස්ථාවන් වෙනුවෙන් ජාත්‍යන්තර ආයෝජකයින් රැසක් එක්ව ඇති අතර එමගින් ගෝලීය ප්‍රජාව හොංකොං කෙරෙහි ඇති විශ්වාසය පෙන්නුම් කරන බව ද චීන ප්‍රකාශකවරයා පවසා සිටියා.

එක් රටක් ක්‍රම දෙකක් යන ප්‍රතිපත්තියෙහි ප්‍රගතිය අවහිර කිරීමට ගන්නා වූ ඕනෑම උත්සාහයකට එරෙහිව දැඩිව විරුද්ධ වන බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළා.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...

රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...