දෛවයේ සරදම කියන්නේ දැන් අනුර Vs අනුර – මුජිබර්

Date:

කොළඹ LNW:දෛවයේ සරදමක් ලෙස එදා අනුර දිසානායකලා විපක්ෂයේ සිට විරුද්ධ වූ හැම දෙයක්ම කිරීමට සිදුව තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (03)කොළඹ හයිඩ් පාර්ක් පිටියේ පැවති සමගි ජන බලවේගයේ වාර්ෂික සම්මේලනය අමතමිනි.

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනුරට එරෙහි අනුර තැනට පත්ව සිටින බව රහුමාන් මහතා කියා සිටියේය.

එදා ඉන්දියාව සමඟ කරන්නගිය සියලු කටයුතුවලට විරුද්ධත්වය පළකලද දැන් ඉන්දීය අගමැති මෝදි සමඟ එක්ව ඒ සියල්ල සිදුකිරීමට සිදුව තිබෙන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

”අද දෛවයේ සරදමක හැටියට මේ ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා ඒගොල්ලෝ බැහැයි කියපු හැමදෙයක්ම නැවත කරන්න. ඒගොල්ලෝ එපා කියපු හැම දෙයක්ම නැවත කරන්න. ඒගොල්ලෝ එපා කියපු ඒගොල්ලෝ විරුද්ද්ධත්වය පාපු හැම දෙයක්ම නැවත කරන්න ඒගොල්ලන්ට දැන් සිද්ධ වෙලා තියෙනවා. අපි හරියට බැලුවොත් දැන් මේ ඉන්න ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක මැතිතුමාගේ අද කතාවල් අහාකොට එයා විපක්ෂයේ ඉන්නකොට කියපු කතාවල් අහනකොට අපිට කියන්න තියෙන්නේ අනුරට එරෙහිව අනුර කියල තමයි. එදා විපක්ෂයේ ඉඳගෙන මේ රටේ ආර්ථිකය ඉස්සරහට යන ගමන නවත්වන්න මේ රට ලෝකයත් එක්ක සම්බන්ධ වෙන ගමන නවත්වන්න මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ගමන නවත්වන්න ඒ හැමදේකටම විරුද්ධ වෙච්ච අනුර කුමාර දිසානායකට අද සිද්ධ වෙලා තියෙනවා තමන් විරුද්ධ වෙච්ච හැම දෙයක්ම නැවත කරන්න. එදා හිටපු අනුරට විරුද්ධව අද ඉන්න අනුර කතා කරන්නේ. ඒ නිසා මතක තියාගන්න මේ ආණ්ඩුවේ වෙස්මුහුණු ගලවන්න පටන් අරන් තියෙනවා. ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත අද හෙළිදරව් වෙලා තියෙනවා. ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් නැහැ කියන එක අද හෙළිදරව් වෙලා තියෙනවා. ආණ්ඩුවේ ආර්ථික ගමන දෙබිඩි පිළිවෙතක් කියන එක අද හෙළිවෙලා තියෙනවා. එදා මෝදීලා මේ රටට එනකොට එදා ඉන්දියාවත් එක්ක වැඩසටහන ක්‍රියාත්මක වෙනකොට එදා ඉන්දියාව එක්ක ආර්ථික එකඟතාවන් කරනකොට ඒකට විරුද්ධව පාරවල්වලට බැහැල සටන් කරපු නායකත්වය දීපු අනුර කුමාරට අද සිද්ධ වෙලා තියෙනවා ඉන්දියවේ අගමැති මෝදී එක්ක එකතු වෙලා එදා විරුද්ධ වෙච්ච හැමදේම කරන්න. ඒක තමයි දෛවයේ සරදම කියන්නේ.” යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වර්ථමාන මීටර් 400 සහ සුගත්ගේ මිටර් 400

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වූ...

Tasty Tuesdays: කට්ට සම්බෝලෙත් එක්ක කටට රහට කන්න පුලුවන් කිරිබතෙහි වත-ගොත!

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

සොබාදහමේ රහ තැන් සොයාගිය මෝනි මෙහබූබ් ගේ, ඇස් අහකට ගන්න බැරි වනජීවී ඡායාරූප කිහිපයක්!

සටහන – පුලී අගෝස්තු 12, කොළඹ (LNW): දකිනවුන්ගේ ඇස් කකියන...