අල්ලස් කොමිසමෙන් ඉල්ලා අස්කරගත් ආන්දෝලනාත්මක නඩු තුනක් යළි පැවරීමේ තීරණයක්!

Date:

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පසුගිය කාලයේදී ඉල්ලා අස්කරගත් නඩු තුනක් නැවත පැවරීමට තීරණය කර ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග ශ්‍රීනාත් අබේවික්‍රම දිසානායක මහතා පවසයි.

එම නඩු මොනවාද යන්න පිළිබඳ තොරතුරු දැනට අනාවරණය කළ නොහැකි අතර ඒවා නැවත නොපවරවා සිටීමට දක්වා තිබුණු හේතු සම්බන්ධයෙන් වත්මන් කොමිසමට සෑහීමට පත්වීමට නොහැකි නිසා එම නඩු පැවරීමට තීරණය කර ඇත.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පසුගිය 2019 සිට මේ දක්වා නඩු 102ක් ඉල්ලා අස්කර ගෙන තිබෙන අතර වැඩිම නඩු ප්‍රමාණයක් ඉවත්කරගෙන ඇත්තේ 2021 සහ 2022 වසර තුළදීය.

ඒ අනුව 2021 වසරේ ඉවත් අකර ගෙන තිබෙන නඩු ප්‍රමාණය 44කි. 2022 දී නඩු 49ක් ඉවත් කර ගෙන ඇත.

ඒ අතරින් නඩු 34ක් නැවත නොපවරවා සිටීමට පසුගිය සමයේ හේතු දක්වා නොතිබුණ නමුත් මේ වන විට නිශ්චිතව එම හේතු දක්වා ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නඩු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : රජයට අයවිය යුතු...

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...