*
Saturday, April 5, 2025
spot_img

Latest Posts

වියට්නාමය ඇමරිකානු භාණ්ඩවලට තීරුබදු 0% කරයිද ?

තමන් වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ටූ ලැම් මහතා සමග ඉතා ඵලදායී දුරකථන සාකච්ඡාවක් පැවැත්වූ බවත් වියට්නාමයට එක්සත් ජනපදය සමඟ ගිවිසුමකට එළඹිය හැකි නම් ඔවුන්ගේ තීරුබදු ශුන්‍යය දක්වා අඩු කිරීමට ඔවුන්ට අවශ්‍ය යැයි ටූ ලැම් මහතා එහිදී පැවසූ බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි.

තමන් ඇමරිකාව වෙනුවෙන් ටූ ලැම් මහතාට ස්තූති කළ අතර නුදුරු අනාගතයේදීම ඔහුව හමුවීමට බලාපොරොත්තු වන්නේ යැයි පැවසූ බවත් ඇමරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ඇමරිකානු ජනාධිපතිවරයා තමන්ට අයත් “ටෲත්” නම් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර ඇත.

වියට්නාමය, ඇමරිකාවට වැඩිම නිෂ්පාදන අපනයනය කරන අතරින් රටවල් අතර හයවැනි ස්ථානයේ පසුවන අතර ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ නව තීරුබදු ප්‍රතිපත්තිය තුළ ඔවුන් දැඩි බලපෑමකට ලක්ව සිටී. මෙම විශේෂිත තීරුබදු ක්‍රමය අප්‍රේල් 09 වනදා සිට ක්‍රියාත්මක වන අතර වියට්නාමයෙන් ඇමරිකාවට යවන බොහෝ නිෂ්පාදනවලට 37% ක බද්දක් එයින් පනවා තිබේ.

2024 වසරේදී වියට්නාමය ඇමරිකාවට ඇමරිකානු ඩොලර් බිලියන 136.6 ක නිෂ්පාදන අපනයනය කර ඇත. ඇමරිකාව වියට්නාමයේ විශාලතම අපනයන ගනුදෙනුකරුවා වේ. එම වසර තුළ ඇමරිකාවෙන් වියට්නාමයට ආනයනය කර ඇති භාණ්ඩවල මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 13.1 ක් පමණි. ඒ අනුව ඇමරිකාවේ පාර්ශ්වයෙන් බැලීමේදී ඇමරිකානු ඩොලර් බිලියන 123.5 ක වෙළඳ හිඟයක් එහි පවතී.

ඉලෙක්ට්‍රොනික උපාංග සහ විදුලි උපකරණ, යන්ත්‍රෝපකරණ, ගෘහ භාණ්ඩ, සපත්තු, ඇඳුම්, ක්‍රීඩා භාණ්ඩ, ප්ලාස්ටික් නිෂ්පාදන, රබර් නිෂ්පාදන යනාදිය ප්‍රධාන වශයෙන් වියට්නාමය ඇමරිකාවට අපනයනය කරයි. එසේම කෘෂිකාර්මික නිෂ්පාදන, වාහන, යන්ත්‍රෝපකරණ, ඖෂධ ඇතුළු නිෂ්පාදන ඔවුන් ඇමරිකාවෙන් ආනයනය කරයි.

ඒ අනුව ඇමරිකාවෙන් ගෙන්වන භාණ්ඩ සඳහා තීරුබදු ශුන්‍යය කිරීමට වියට්නාමය යෝජනා කරන්නේ නම් එය ඔවුන්ගේ රාජ්‍ය ආදායමට යම් බරපතළ බලපෑමක් වන නමුත් ඒ හරහා ඇමරිකාවේ ආයෝජන සහ දේශපාලන සහාය ලබාගත හැකිවීමත් නව වාණිජ කලාප සහ ගිවිසුම් තුළින් වැඩි සහභාගීත්වයක් ලබාගැනීමට හැකිවීමත් මත ඔවුන්ට දිගු කාලීන සාර්ථක ගිවිසුමකට අවතීර්ණ වීමේ අවස්ථාවක් සැලසෙනු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan