උතුරු මැද හිටපු මහ ඇමතිට වැලිකඩ මුද්‍රණ අංශයේ වැඩ: ශාන්ති චන්ද්‍රසේනට වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ මැහුම් අංශයේ වැඩ!

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 06 කොළඹ LNW :

පසුගිය දා වසර 16 බැගින් සිරදඬුවම් නියම කළ උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන වැලිකඩ බන්ධනාගාරයේ වැඩ අංශය සඳහා යොමුකර තිබෙන බව වාර්තා වේ.

මේ වන විට එස්.එම්. රංජිත් මහතා යොමුකර ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ කර්මාන්ත අංශයට අයත් මුද්‍රණ අංශයේ වැඩ සඳහා බවත්, එස්.එම්. රංජිත් මහතා වැලිකඩ බන්ධනාගාරයේ ‘කේ’ වාට්ටුවේ තවත් සිරකරුවන් සිය දෙනෙකුට ආසන්න පිරිසක් සමඟ රඳවා සිටින බවත් වාර්තා වේ.

එස්.එම්. රංජිත් මහතා ඔහු පෙරවරු 07.00 සිට පස්වරු 04.00 පමණ දක්වා මුද්‍රණ අංශයේ වැඩ සඳහා යොමු කෙරෙන අතර, කෙසේවෙතත් ඉරිදා සහ රජයේ නිවාඩු දිනවලදී කර්මාන්ත අංශයේ වැඩ සඳහා සිරකරුවන් යොදා ගන්නේ නැති බව සඳහන් වේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, එබැවින් එස්.එම්. රංජිත් මහතා අද දිනයේ වැලිකඩ බන්ධනාගාරයේ ‘කේ’ වාට්ටුවේ රඳවනු ලබන බවයි.

මේ අතර ශාන්ති චන්ද්‍රසේන වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ මැහුම් අංශයේ වැඩ සඳහා යොමු කර තිබෙන බවද පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...