උතුරු මැද හිටපු මහ ඇමතිට වැලිකඩ මුද්‍රණ අංශයේ වැඩ: ශාන්ති චන්ද්‍රසේනට වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ මැහුම් අංශයේ වැඩ!

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 06 කොළඹ LNW :

පසුගිය දා වසර 16 බැගින් සිරදඬුවම් නියම කළ උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන වැලිකඩ බන්ධනාගාරයේ වැඩ අංශය සඳහා යොමුකර තිබෙන බව වාර්තා වේ.

මේ වන විට එස්.එම්. රංජිත් මහතා යොමුකර ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ කර්මාන්ත අංශයට අයත් මුද්‍රණ අංශයේ වැඩ සඳහා බවත්, එස්.එම්. රංජිත් මහතා වැලිකඩ බන්ධනාගාරයේ ‘කේ’ වාට්ටුවේ තවත් සිරකරුවන් සිය දෙනෙකුට ආසන්න පිරිසක් සමඟ රඳවා සිටින බවත් වාර්තා වේ.

එස්.එම්. රංජිත් මහතා ඔහු පෙරවරු 07.00 සිට පස්වරු 04.00 පමණ දක්වා මුද්‍රණ අංශයේ වැඩ සඳහා යොමු කෙරෙන අතර, කෙසේවෙතත් ඉරිදා සහ රජයේ නිවාඩු දිනවලදී කර්මාන්ත අංශයේ වැඩ සඳහා සිරකරුවන් යොදා ගන්නේ නැති බව සඳහන් වේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, එබැවින් එස්.එම්. රංජිත් මහතා අද දිනයේ වැලිකඩ බන්ධනාගාරයේ ‘කේ’ වාට්ටුවේ රඳවනු ලබන බවයි.

මේ අතර ශාන්ති චන්ද්‍රසේන වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ මැහුම් අංශයේ වැඩ සඳහා යොමු කර තිබෙන බවද පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිතල සටනට එන රුසියානුවන් යුද උණුසුමට සම්බන්ධ නැද්ද කියා සැකයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: යුක්රේනය සමග ඇති යුද්ධයට...

චීන – ඇමරිකානු නායකයින් අතර දුරකථනයෙන් සාකච්ඡාවක්

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ(04) රාත්‍රියේ ඇමරිකානු...

පොරොන්දු වුණ විදිහට විදුලි ගාස්තු අඩුකරනවා – ඇමති පාර්ලිමේන්තුවේදී සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පොරොන්දු වූ පරිදි වසර තුනක් ඇතුළත විදුලිය...