මෙදා අවුරුද්දට වෙනස්ම කෑමක්: පොළොස් අච්චාරු

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 06 කොළඹ LNW :

සෑම වසරකම අප්‍රේල් මාසය කියන්නේ ලංකවටම සිංහල අවුරුදු සිරියෙන් ප්‍රීතිමත් වන මාසයක්, බත බුලතින් සපිරි අවුරුදු මාසයේ, රසම රස ආහාර වලින් පිරී යන තෝතැන්නක්. ඉතිං වෙනසකටත් එක්ක මෙවර අවුරුද්ද්දට කලින්ම මේඑ වහේ වෙනස් කෑමක් හදලා තියා ගමුද? මොකද මේක කල් තියාගන්නත් පුලුවන්.

අවශ්‍ය කරන්නේ මෙන්න මේ ද්‍රව්‍ය තමයි

  • මදුලු නැති මධ්‍ය ප්‍රමාණයේ කොස් ගැටයක්
  • අබ මේස හැඳි 1 ක්
  • ගම්මිරිස් තේ හැඳි 1 ක්
  • විනාකිරි බෝතල් 1/4 ක්
  • ඉඟුරු කැබැල්ලක්
  • රතුලුනු  10 – 15 ත්
  • අමුමිරිස් කරල් කිහිපයක්
  • ලුණු
  • කහ


සාදාගන්නේ මෙන්න මෙහෙමයි


කොස් ගැටයේ පොත්ත ඉවත් කර  හතරට කපා අගලක ප්‍රමාණයේ ගණකමින් පෙති කපා ඒවා නැවත තීරු ලෙස කපාගන්න. කහට ගතිය ඉවත් වීම සඳහා කහ සහ ලුණු ස්වල්පයක් අතගාගන්න. ඉන්පසුව කැපූ කොස්ගැට කැබලි උතුරන වතුරේ විනාඩියක පමණ කාලයක් හුමාලයෙන් තම්බාගෙන එය පැත්තකින් තබාගන්න.


අබ විනාකිරෙන් කෑලි ඉතිරිවන සේ තළාගන්න. ගම්මිරිස් වෙනම විනාකිරෙන් හොඳින් අඹරා ගන්න. පසුව මැටි ඇතිළියක් ලිප තබා එයට විනාකිරි මේසහැඳි පහක් පමණ දමා රත්කරගන්න. එය රත්වන විට එයට ඉඟුරු, සුදුලූනු එකතු කරන්න. ඒ සමගම රතුලුනු සහ දෙකට පළාගත් අමුමිරිස් කරල් එක්කරගන්න. පැහැය වෙනස් වන්නට කලින් විනාඩියක් ඇතුළත ලිපෙන් ඉවත් කරගන්න.


තවත් මැටි ඇතිළියක් ගෙන එයට කැපූ කොස්ගැට කැබලි දමා, අබ සහ ගම්මිරිස් මිශ්‍රණය එකතුකර වතුර මිශ්‍ර නොවන සේ අතින් කලවම් කරගන්න. එයටම කලින් සැකසූ විනාකිරි මිශ්‍රණයද යොදාගෙන මදිනම් තවත් විනාකිරි ස්වල්පයක් ටිකෙන් ටික එක්කර ගනිමින් කලවම් කරගන්න. එයටම රස අනුව ලුණු සහ කහ කුඩු ස්වල්පයක් එකතු කරගෙන කෙසෙල් කොළයකින් මුට්ටියේ කට හොඳින් වැසෙන සේ ගැටගසා දින දෙකකට පසුව කෑමට එකතු කරගන්න.

ඔබත් සාදා රස බලන්න… තවත් රසවත් කෑමකින් හමුවෙමු…

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව සීමා නිර්ණ කමිටුවට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:2012 සහ 2021 දී පත් කරන ලද කමිටුවල...

පාතාලය කැළඹුනාට ජතික ආරක්ෂවට ප්‍රශ්නයක් නැහැ – ආරක්ෂක ලේකම්

කොළඹ LNW:ජාතික ආරක්ෂාවට මේ වනවිට කිසිදු ප්‍රශ්නයක් එල්ල වී...

ඕස්ට්‍රේලියාව සහ ජපානය යුද නැව් සඳහා විශාලතම ආරක්ෂක ගිවිසුමකට!

රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාව සහ ජපානය...

කීර්ති බණ්ඩාරපුර පොලිසියේ ට්‍රැෆික් OIC අත්අඩංගුවට?

අල්ලස් ලබා ගැනිමට යෑමේදි, කීර්ති බණ්ඩාරපුර පොලිසියේ ට්‍රැෆික් OIC...