අපූරු උපන්දින පරිත්‍යාගය!

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 06 කොළඹ LNW :

හමුදාවේ මේජර්වරයෙක් විසින් සිය ජන්ම දිනයදා අනුරාධපුරේ දුෂ්කර පංසලක් සඳහා තම කැබ් රථය පරිත්‍යාග කර තිබෙන බව වාර්තා වේ.

ඔහු මේ පිළිබඳව ෆේස්බුක් හි සටහනක් තබමින් සඳහන් කර තිබුනේ මෙවැනි සටහනකි.

” අදට යෙදී තිබෙන මාගේ උපන්  දිනයට සමගාමීව පවත්වනු ලබන පින්කම් මාලාවේ ආරම්භය සම්බුද්ධ ශාසනයේ චිරස්ථතිය වෙනුවෙන් මහත් වූ කැපකිරීමක් සිදුකරන ස්වාමීන් වහන්සේලා හට උන්වහන්සේලා ගිලන් වූ අවස්ථාවක වෛද්‍ය ප්‍රතිකාර සඳහා දුර බැහැරට  වැඩම කරවීමට, දුෂ්කර පළාත් වල පාංශුකූල  සඳහා ස්වාමීන් වහන්සේලා වැඩම කරවීමට  පාපැදියක්වත් නොමැති හැකියාවක් නොමැති  අසරණවූ මිනිසුන්   වෙනුවෙන්  ඒ ආදී කටයුතු සඳහා වැඩම කරවීමට,  ධර්ම දේශනාදී කොටගත්  පින්කම් සඳහා දුර බැහැරට වැඩම කරවීමට  යනාදී කොටගත් ශාසන  හිතවාදී  සියලු කටයුතු කාරණා සඳහා වැඩම කරලීමට මා විසින් ධාර්මිකව උපයාගත් ධන පරිත්‍යාගයෙන් මෝටර් රථයක්  සාංඝිකව පූජා කළෙමි. 
අප දරණ මති මතාන්තරයන්  පින් පව් අනුව වෙනස් වන පසුබිමක බුදුරජාණන් වහන්සේ වදාළා වූ ධර්මයෙහි  සහ ක්‍රියාවෙහි  එදවස පාගමනින් වැඩම  කිරීම ගිරි දුර්ග අතරින්  මාර්ග පද්ධතියක් හෝ ප්‍රවාහන මාධ්‍යයක් නොමැති පසුබිමක එදවස කාලෝචිතයැයි සිතමි.  එදවස සාමාන්‍ය ජනතාවද භාවිත කළ ප්‍රවාහන මාධ්‍ය  එයම විය. නමුත් වර්තමාන තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් පසුබිමක විනය කර්ම නොවන්නා වූ ගමනාගමනය උචිත මාධ්‍යයකින් භාවිතා කළ හැකිය. 
එය මා දරණ පෞද්ගලික මතයක් පමණි. එසේ හෙයින්  මේ පින් සතුටින් අනුමෝදන් කරගනු ඇතැයි අපේක්ෂා කරමි…” 
ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...