*
Saturday, April 19, 2025
spot_img

Latest Posts

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනට සමගාමීව මහනුවර මහ නගර සභාවට පරිත්‍යාගයක්!

කොළඹ LNW:දළදා දැක්ම සමයේ කැළි කසල බැහැර කිරීම සඳහා මහනුවර මහ නගර සභාව වෙත ප්ලාස්ටික් බදුන් 450ක් ප්‍රදානය කිරීම ඊයේ (07) සිදු කෙරිණි.

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ රිචර්ඩ් පීරිස් සමාගමේ ආපිකෝ ආයතනයේ අනුග්‍රහයෙන් මෙම පරිත්‍යාගය සිදු විය.

දළදා වන්දනා කිරීම සඳහා මහනුවරට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් බැහැර කරන කසළ වෙන් වෙන් වශයෙන් බැහැර කිරීමට හැකි පරිදි වර්ණ තුනකින් සමන්විතව මෙම බදුන් නිර්මාණය කොට තිබේ.

වඩාත් පහසුවෙන් කසළ බැහැර කිරීමට මෙන්ම මහනුවර මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමණාකරණ අංශයට බදුන් රැගෙන යාමට හැකි අයුරින් මෙය නිෂ්පාදනය කොට ඇතැයි බදුන් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් රිචර්ඩ් පීරිස් සමාගමේ දේශීය බෙදාහැරීම් අංශයේ කළමණාකරණ අධ්‍යක්ෂ ලලිත් විජේසිංහ මහතා පැවසුවේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනට සමගාමීව මහනුවර මහ නගර සභාව වෙත මෙම පරිත්‍යාග හිමිවූ බවත් සැදැහැවතුන් පෙළගැසෙන සහ ජනාකීර්ණ ස්ථානවල ඒවා ස්ථානගත කරන බව මහනුවර නාගරික කොමසාරිස්
ඉන්දිකා අබේසිංහ මහත්මිය පැවසුවාය.

දළඳ වන්දනා සමයේ මහනුවර නගරයේ කැළි කසල ඉවත් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වන බවත් විශාල ප්‍රමාණයේ කසළ රැස් කිරීමේ ලොරිවලට අමතරව කුඩා වාහන මගින් මිනිත්තු 45කට වරක් කලාප වශයෙන් කසළ ඉවත් කිරීම මේ යටතේ සිදුවන බවත් නාගරික කොමසාරිස්වරිය සඳහන් කළාය.

මහනුවර මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමණාකරණ අංශ ප්‍රධානී නාමල් දිසානායක මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan