ගාලුමුවදොර ”ගෝඨා ගෝ ගම” ඉවත් කරගැනීමේ අධිකරණ ප්‍රයත්නයක්!

ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පවත්වාගෙන ”ගෝඨා ගෝ ගම” ඉවත් කරගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නීතිඥයින් කරුණු දක්වමින් සිටින අතර ඊට එරෙහිව ජන අරගලයට සහය පළකරමින් තවත් නීතිඥ කණ්ඩායමක් කරුණු දැක්වීම සිදුකෙරෙමින් පවතියි.

එම ඉල්ලීම මුලින්ම ඉදිරිපත්ව ඇත්තේ කොළඹ මහේස්ත්‍රාත් හර්ෂණ කකුනවල මහතා වෙත වන අතර ඔහු එම ඉල්ලීම සලකා බැලීමෙන් ඉවත්ව ඇති අතර එය තිලිණ ගමගේ මහේස්ත්‍රාත්වරයා වෙත දැන් යොමුව තිබේ.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පණිවිඩය හුවමාරු වෙමින් තිබෙන අතර ගාලු මුවදොර අරගල භූමිය වෙත පිරිස් පැමිණෙමින් සිටින බවද සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...