දැන් ඕනේ ට්‍රම්ප්ට ෆෝන් එකෙන් කතාකරන්න පුළුවන් නායකයෙක්!

Date:

කොළඹ LNW:ඇමරිකාවේ ප්‍රතිචාරක බද්ද හේතුවෙන් ලොකු අර්බුදයක් මතුව ඇති මොහොතේ රටට අවශ්‍ය වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට හෝ ජාත්‍යන්තරයට දුරකතනයෙන් සෘජුව ඇමතිය හැකි නායකයන් බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය.

මෙවැනි ප්‍රශ්න ඇතිවන අවස්ථාවලදී ලෝකයේ ඇතැම් නායකයන් දුරකතනයෙන් අදාළ නායකයන් අමතා ගැටලු විසඳා ගත් බවයි ඔහු සඳහන් කළේ.

කිරිඇල්ල මහතා මේ බව පැවසුවේ අද (09) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

එවැනි නායකයන් දැනට සිටින්නේ විපක්ෂයේ වන අතර විපක්ෂයේ නායකයන් බොහෝ පිරිසකට එවැනි පරණ මිත්‍රකම් යාළුකම් තිබෙන හෙයින් එවැනි මිත්‍රකම් යාළුකම්ක යොදගෙන පසුගිය කාලයේදී ලොකු වැඩ කරගත් බවද කිරිඇල්ල මහතා සඳහන් කළේය.

ඇමරිකාව බදු පැනවීමෙන් ඇතිවූ ගැටලුව විසඳා ගැනීමට එරටේ නායකයන් සමඟ සෘජුව සාකච්ඡා කිරීමට පරිණතභාවය ඇති කණ්ඩායමක් පත් කරන ලෙස තමන් යෝජනා කරන බවයි කිරිඇල්ල මහතා කියා සිටියේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...