ජාතික දුෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම එළිදකියි – මහනුවරින් දැනුවත් කිරීමේ වැඩසටහනකුත්

කොළඹ LNW:2025-2029 ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (09) කොළඹදී එළිදක්වන ලදී.

ශ්‍රී ලංකාව තුළින් අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහි කාලය 2025 දෙසැම්බර් මස අවසන් වන නිසා එම සැලැස්ම සමාලෝචනය කර නව ජාතික ක්‍රියාකාරී සැලැස්ම ලෙස සකස් කිරීම සිදුකර තිබේ.

ශ්‍රී ලංකාව තුළ අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා වූ “දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම, 2025-2029” සකස් කිරීම සඳහා රාජ්‍ය අංශය, පුද්ගලික අංශය, සිවිල් සංවිධාන, ජනමාධ්‍ය, ප්‍රජාපාදක සංවිධාන, මහජන නියෝජිතයින්, තරුණයන්, දරුවන්, ආගමික සංවිධාන ඇතුළු සමස්ත මහජනතාවගෙන් සැදුම්ලත්, පළාත් මට්ටමින් හා ජාතික මට්ටමින් අදහස් සහ යෝජනා කැඳවීම සඳහා වූ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පියවර ගෙන තිබුණි.

ඒ අනුව දූෂණ විරෝධී ජාතික සැලැස්ම පිළිබඳව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කිරීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද සිදුවිය.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ජාතික උත්සවයට සමගාමීවයි මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.වුණේ.

කොළඹදී පැවැති ජාතික උත්සවය මාර්ගගත තාක්ෂණය ඔස්සේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය කාර්යය මණ්ඩලය වෙත ලබා දෙමින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...