මම කාත් එක්කවත් ඩීල් දාලා නෑ, රාජපක්ෂලා තමයි මාව පරද්දන්න LTTE එක්ක චැට් දැම්මෙ – රනිල්

Date:

රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කතානායක තනතුරට පත්කර ගැනීම සඳහා තමන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග ඩීල් දැමූ බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව එජාප නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

රංජිත් සියඹලාපිටිය මහතා විපක්ෂය නියෝජනය කරමින් අදාල තනතුරට තරග කරන්නේ නම් ඔහුට සහයෝගය ලබාදෙන බවට තමන් පොරොන්දු වූ බවත්, ඒ අතර දෙමළ ජාතික සන්ධානයෙන්ද අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවට සාකච්ඡා වූ බැවින් එම සන්ධානයේ නායකයන් සමග ඒ පිළිබඳව විමසා සිටි බවත් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ හැර කිසිදු අපේක්ෂකයෙකු සඳහා කැම්පේන් කිරීමට හෝ කිසිදු මන්ත්‍රීවරයෙකු සමග ඩීල් දැමීමට හෝ කටයුතු නොකළ බවද ඔහු සඳහන් කරයි.

ඊයේ රනිල් වික්‍රමසිංහ මහතාට ඩීල් දැමීමේ චෝදනාව එල්ල කළේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් මන්ත්‍රීවරයායි. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයේ හිඳිමින් රාජපක්ෂලා සමග ගනුදෙනු කරන බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රාජපක්ෂලා සමග ගනුදෙනු කළේ තමා නොව රාසමානික්කම් මන්ත්‍රීවරයා බවයි. ඔහු 2013 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ මහතා අතින් ශ්‍රීලනිප පදිරිප්පු ආසන සංවිධායක තනතුර බාරගත් බවද ඔහු පෙන්වා දෙනවා. මහින්ද සරණං ගච්චාමි, බැසිල් සරණං ගච්ඡාමි යැයි කීමට ඔහුට පුරුදු ඇති නමුත් තමාට එවැනි දේ පුරුදු නොමැති බවද වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.

තමා කිසිදු අවස්ථාවක ඩීල් දේශපාලනයේ නිරත වී නොමැති බවත්, රාජපක්ෂලා නම් තමාව පරාජයට පත් කිරීම සඳහා LTTE සංවිධානය සමග පවා සබඳතා පැවැත්වූ බව රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...