ඇමතිවරු කණ්ඩායමක් තෙල් එපා කියයි!

Date:

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් විස්සකට ආසන්න පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් ලැබෙන ඉන්ධන දීමනාව මින් ඉදිරියට අවශ්‍ය නැති බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිඛිතව දැනුම්දී ඇතැයි වාර්තා වෙයි.

මිට ඉහතදී අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් ඇමැති ධූරයන්හි ඉන්ධන දීමනාවට අමතරව මන්ත්‍රී ධූරයේ ඉන්ධන දීමනාවද ලබාගෙන තිබූණි.

ඒ අනුව තමන්ට අමාත්‍ය ධුරයට ලැබෙන ඉන්ධන දීමනාව පමණක් ප්‍රමාණවත් බව වර්තමාන රජයේ එම අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මහ ලේකම්වරියට වැඩිදුරටත් දැනුම් දී තිබෙන බව සඳහන්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රුපියල් ලක්ෂ දෙකහමාරේ සිට හතර හමාර දක්වා වටිනා ඉන්ධන දීමනාවක් හිමිවන අතර එය දුර ප්‍රමාණය අනුව තීරණය වෙයි.

ඇමතිවරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස ලැබෙන ඉන්ධන දීමනාව ප්‍රතික්ෂේප කළ පළමු අවස්ථාව මෙය ලෙසද සැලකෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදින් අවසන් වන GEM CITY ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: GEM CITY ජාත්‍යන්තර මැණික්...

ලබන පාරත් සජිත් එනවා !

කොළඹ LNW: ඊළඟ ජනාධිපතිවරණයටද තමන් ඉදිරිපත්වන බව විපක්ෂ නායක...

වී අලෙවි මණ්ඩලයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: මේ වනවිට තෙත වී...

පුදනකොටම කාපි යකා – ළමා හිංසනය උත්කර්ෂයට නංවමින් පොලිස්පතිගෙන් අජූත කතාවක් !!

තමන් කුඩා කාලයේදී තම මව තමන්ට හොඳම පොල්ලකින් පහරදුන්...