උතුරු කොරියාව විශාලතම හා නවීනතම යුධ නෞකාවක් නිර්මාණය කරයි

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු කොරියාව සිය විශාලතම හා නවීනතම යුධ නෞකාවක් නිර්මාණය කරමින් සිටින බවට, චන්ද්‍රිකා සැපයුම්කරුවන් වන මැක්සාර් ටෙක්නොලොජීස් සහ ප්ලැනට් ලැබ්ස් විසින් අප්‍රේල් 6 වන දින ලබා ගන්නා ලද ඡායාරූපයක් නිකුත්කර තිබේ.

උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන්ගේ නාවික බලඇණියේ ඕනෑම දෙයකට වඩා දෙගුණයකටත් වඩා විශාල විය හැකි මෙම නෞකාව සම්බන්ධයෙන් විශ්ලේෂකයින් පවසන්නේ ඡායාරූප මගින් නෞකාවේ ආයුධ සහ අනෙකුත් අභ්‍යන්තර පද්ධති අඛණ්ඩව ඉදිවෙමින් පවතින බවත් එය මිසයිල නෞකාවක් (FFG) විය හැකි බවත්ය.

ජනාධිපති කිම් සම්බාධක නොතකා සිය සන්නද්ධ හමුදා වේගයෙන් නවීකරණය කිරීමේ නිරතව සිටින අතර, නව ආයුධ පරාසයක් සංවර්ධනය කරමින් සහ එක්සත් ජනපදයේ ඕනෑම තැනකට ළඟා විය හැකි අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල ද අත්හදා බලමින් සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...