බූස්ස හිටපු බන්ධනාගාර අධිකාරී ඝාතනයේ ප්‍රධාන සැකකරු අද අධිකරණයට!

Date:

කොළඹ LNW:බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධානගාර අධිකාරී සිරිදත් ධම්මික මහතාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අද (16) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රැදවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව සඳහන්.

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධානගාර අධිකාරී සිරිදත් ධම්මික මහතාව යතුරුපැදියකින් පැමිණ පසුගිය මාර්තු මස 13වනදා වෙඩි තබා ඝාතනය කර තිබුණි. ඒ,ගාල්ල,තලගහ ප්‍රදේශයේ ඔහුගේ නිවස ඉදිරිපිටදීය.

සැකකරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් තායිලන්තයේ බැංකොක් බලා පලා යාමට උත්සාහ කළ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහු ඊයේ (15) අත්අඩංගුවට ගන්නා ලදී.

ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ස්ථාපිත කර ඇති මුහුණු හඳුනා ගැනීමේ පද්ධතිය මඟින් අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර ඔහු අම්බලන්ගොඩ,කුළීවත්ත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කරන්දෙණිය සුද්දා නැමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කර ඇති බවටයි මේ වනවිට අනාවරණය කරගෙන ඇත්තේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මියන්මාරයේ අවසන් මැතිවරණ වටය පැවැත්වේ: හමුදා සහාය ලබන පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි ඉඟියක්.

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරයේ පවතින...

ජනාධිපතිතුමාගේ හිත සනසන්නද පොලිස්පතිවරයා ඉන්නෙ? නාමල් ප්‍රශ්න කරයි.

රෂිකා හෙන්නායක ජනවාරි 25, කොළඹ LNW : රටේ සංස්කෘතිය ආගමට...

Minneapolis හි තවත් ඇමරිකානු පුරවැසියෙකු වෙඩි තබා ඝාතනය කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ මිනියාපොලිස් නගරයේදී ෆෙඩරල් ඒජන්තවරුන් විසින්...