“අනන්‍යා පාණ්ඩේ” Chanel හි ඉන්දියානු ප්‍රථම සන්නාම තානාපතිනිය වෙයි! 

Date:

සටහන – පුලී
අප්‍රේල් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 ප්‍රංශ සුඛෝපභෝගී සන්නාමයක් වන Chanel විසින් ඉකුත් බදාදා දින බොලිවුඩයෙහි තරුවක් වන අනන්‍යා පාණ්ඩේ ඉන්දියාවේ සිය පළමු සන්නාම තානාපතිනියක් ලෙස නම් කළ වඟයි.

මෙය සිදුවන්නේ පැරිසියේ පැවති Chanel හි 2025 වසන්ත/ගිම්හාන ප්‍රදර්ශනයේදී අනන්‍යාගේ පැමිණීමෙන් පසුවය.

ගෙහ්රයියන් (2022), කෝ ගයේ හම් කහාන් (2023), සහ CTRL (2024) වැනි චිත්‍රපටවල සහ කෝල් මී බේ (2024) යන චිත්‍රපට ගණනාවක සිය රංගනයෙන් දායකත්වය ලබා දී වඩාත් ප්‍රසිද්ධියට පත් තාරකාවක් වන අනන්‍යා, මේ වනවිට ලොවක් දන්නා විලාසිතා නිරූපිකාවක් බවට පත්ව තිබේ.

ඇයට මේ වනවිට මිලියන 25.9 ක ෆෑන් බේස් එකක් සිටින ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් සහිතය.

නිවේදනයක් පළ කරමින් අනන්‍යා ඇයගේ ඉන්ස්ටග්‍රෑම් සටහනක සිය උද්යෝගය ප්‍රකාශ කළේ, “@chanelofficial සමඟ ඇයගේ ගමන ගැන කෘතඥතාවෙන් හා උද්යෝගයෙන් සිටින බවත්, ඉන්දියාව සඳහා සහ ඉන් පිටතට පැමිණි පළමු සන්නාම තානාපතිනිය වීමේ සිහිනය සැබවින්ම සැබෑ වූ බවත් යනුවෙනි.

අනන්‍යා; ජිමී චූ, ලක්මේ, බීට්ස් සහ ටයිමෙක්ස් වැනි ජාත්‍යන්තර වෙළඳ නාමවල සන්නාම තානාපතිනියන් ද වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක ෆැසිස්ට් විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය වෙනුවෙන් අනුස්මරණ උත්සවයක් කොළඹදී!

කොළඹ LNW:ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය සහ ජපන් ආක්‍රමණයට එරෙහි...

නීතියට උඩින් යන්න කාටවත් ඉඩක් නැහැ. අපි නීතියේ ආධිපත්‍ය රකිනවා – මහජන ආරක්ෂක ඇමති

කොළඹ LNW: නීතියට උඩින් කිසිවෙක් නොමැති අතර නීතිය ඉදිරියේ...

කොළඹ උතුරයි දකුණයි අවසන් තරගයට පැමිණෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 28, කොළඹ LNW: ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු...

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධූරය සඳහා පැවැත්වෙන නිලවරණය අද!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ LNW: මේ වන විට ,...