පොලිස් ආරක්ෂාව අවභාවිතා කළ ශිෂ්‍යත්ව පංති ටීචර් ගැන විමර්ශනයක්!

කොළඹ LNW: පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් උපකාරක පන්ති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු ගුරුවරිය විසින් සංවිධානය කර තිබුණු උත්සවයකට නිල වශයෙන් ලබා දී තිබුණු ආරක්ෂාව සඳහා අවභාවිතා වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් විමර්ශනයක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මහතා පවසයි.

අදාළ ගුරුවරිය විසින් සංවිධානය කරන ලද පසුගිය 17 වැනි දින පැවති ශිෂ්‍යත්ව විභාගයේ සමතුන් වෙනුවෙන් පැවති ඇගයීමේ උත්සවයට ලබා දී ඇති ආරක්ෂාව එම ගුරුවරියගේ ප්‍රතිරූපය නංවා ගැනීම සඳහා භාවිතා කරන ආකරයට පෙනෙන්නට තිබේ.

අදාළ ගුරුවරිය එම උත්සවයට පැමිණීම සිදුවන්නේ පොලිස් යතුරු පැදි හා පොලිස් මෝටර් ථයක් සමඟින් වන බවට වීඩියෝ දර්ශනවලින් ආනාවරණ වී තිබේ.

පොදු උත්සව සඳහා මෙන්ම ගෙවීම් කිරීමෙන් අනතුරුව පොලිස් ආරක්ෂාව මෙන්ම නිලධාරීන් ඇතුළු පොලිස් සම්පත් ලබාදෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව අදාළ ගුරුවරිය විසින්ද උත්සවය සඳහා පොලිස් ආරක්ෂාව ලබාගෙන ඇත්තේ දරුවන් 800ක් පමණ මෙනම් වැඩිහිටියන් 25000ද පැමිණෙන බව දැනුම් දෙමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...