වී මිල ගැන ජනපතිගෙන් අදත් සහතිකයක්!

Date:

කොළඹ LNW:නැවත කිසි දිනක වී මිල පිළිබඳව ගැටළුවක් මතු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පොළොන්නරුවේදී ජන රැලියකට එක්වෙමින් පැවසුවේය.

එහිදී ජනාධිපතිවරයා පැවසුවේ මේ සඳහා ගබඩා ප්‍රතිසංස්කරණය කළ බවත් වී මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 500ක් ද වෙන් කළ බවයි.

ගොවි ජනතාව තමන්ගේ අස්වනු කුණුකොල්ලයට ගිය යනුවෙන් හඬා වැටීමට අවශ්‍ය නැති අතර වී මිල ස්ථාවර කර ගැනීමට ආණ්ඩුව සුදනම් බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

“අපි ලෑස්ති වුණා, ගබඩා මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක ගබඩා අපි ප්‍රතිසංස්කරණය කළා. මිලදී ගන්න වැඩපිළිවෙළ හැදුවා, ඒ කඩා වැටුණු ගබඩා ප්‍රතිසංස්කරණය කරන්න සල්ලි වෙන් කළා. ආරම්භක පියවරක් හැටියට වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට කෝටි 500ක් දුන්නා, සතොස තවත් වී මිලදී ගන්න සැලැස්ම හැදුවා. අපි කියුවා මීට වඩා අඩුවට දෙනවානම් අපිට දෙන්න ඊට වඩා වැඩියෙන් දෙනවානම් කමක් නෑ හැබැයි හාල් වැඩියෙන් දෙන්න බෑ. ඒකටත් අපි දාලා තියෙන්නේ පාලන මිලක්. අඩුවට යන හැම වී ඇටයක්ම ආණ්ඩුව මිලදී ගන්නවා. තවදුරටත් ගොවි ජනතාවට තමන්ගේ අස්වැන්න විකුණගන්න බැහැ කියලා අස්වැන්න කුණු කොල්ලයට ගියා කියලා හඬ වැටෙන්න අවශ්‍ය නෑ ආණ්ඩුව ලෑස්තියි මිල ස්ථාවර කර ගැනීම සඳහා මැදිහත් වෙන්න. වී මිල බැස්සොත් අපි ගන්නවා. ඉහළ ගියොත් ඒ ගොල්ලො ගනියි. ආණ්ඩුව අරන් ගොඩගහගන්න ඕන කමක් නෑ. අපිට ඕනේ ගොවියාට සාධාරණ මිලකට වී මිල ස්ථාවරව තියන්න. ඒ සැලැස්ම සාර්ථක වෙලා තියෙන්නේ. ආයේ කවදාකවත් තමන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන් අපි ඉඩ දෙන්නේ නෑ…” යනුවෙන් හෙතෙම අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙපිරිසක් ගැටී අයෙකු මරුට:සැකකරුවන් පලා යයි..

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW: ඊයේ (01) සවස් කාලයේදී,...

“විනිවිද කළුවර දිදුලන හදවත” සහ පැමිණි දුක්වල පැණි රස

2025 අවුරුද්දෙ ජුලි 31 හැන්දෑවෙ කොළඹ මහවැලි කේන්ද්‍රයෙ දි...

මහේස්ත්‍රාත් තිලින ගමගේ සේවයෙන් ඉවතට ?

මොරටුව දිසා විනිසුරු / මහේස්ත්‍රාත් වශයෙන් කටයුතු කළ තිලින...

කතරගම දේවාලයේ අක්කර 550 ඉඩමකට කෝටි 2ක බදු පොල්ලකුත් තියා දැදිගමලා ඉල්ලූ අතුරු තහනම ඉවතට !

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් බදු පදනම මත දැදිගම...