ට්‍රම්ප්ට එරෙහි විරෝධතාවන්ට ඇමරිකාව පුරා දහස් ගණනක් එක් වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෑත කාලීන ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමින් ඊයේ(19)දිනයේදී විශාල පිරිසක් විදි බසිමින් විරෝධත්වයන් දක්වා ඇති බව වාර්තා වේ.

එක්සත් ජනපදයේ දේශපාලන විරෝධතා වඩාත් සුලභ වෙමින් පවතින සමයක මෙම විරෝධතා ඇමරිකානු විප්ලවවාදී යුද්ධයේ ආරම්භයේ 250 වන සංවත්සරයට සමගාමීව පැවැත්වීමට සංවිධානය කර තිබිණි.

ප්‍රකෝටිපති එලෝන් මස්ක් යටතේ ක්‍රියාත්මක වන රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ((Doge) ක්‍රියාමාර්ග ගණනාවක් , එක්සත් ජනපද රජයේ රැකියා සහ අනෙකුත් වියදම් කපා හැරීමට ට්‍රම්ප් කටයුතු කිරීම, එල් සැල්වදෝරයේ පුරවැසියෙකු වන ඇබ්‍රෙගෝ ගාර්ෂියා නැවත පැමිණීමට පරිපාලනයේ අකමැත්ති වීම ආදී ට්‍රම්ප් පරිපාලනයේ ක්‍රියාමාර්ග ගණනාවක් මුල්කරගෙන මෙම විරෝධතාවන් සංවිධානයව පැවතිණි.

කෙසේ නමුත්, ඇමරිකා එක්සත් ජනපදයේ නවතම මත විමසුමෙන් පෙනී යන්නේ, ට්‍රම්ප්ගේ ධූර කාලයේ පළමු කාර්තුවේදී ඔහුගේ ක්‍රියාකාරිත්වය අනුමත කරන ජන්ද දායකයන් 45% ක් වන බවත්, එය ඔහුගේ පළමු පරිපාලන කාලයේ එම කාලය තුළ අනුමත කළ 41% ට වඩා වැඩි බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...