59 හැවිරිදි බ්‍රසීල ජාතික ගුරුවරයෙක් මත්ද්‍රව්‍ය සමඟ මෙරටදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක

කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්, අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු බ්‍රසීලයෙන් කටාර් රාජ්‍යය වෙත පැමිණ, දෝහා සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බව වාර්තා වේ.

එම පුද්ගලයා ගෙන ආ කුඩා බෑග් 07ක් තුළ අසුරා තිබී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04යි ග්‍රෑම් 855ක් සොයාගෙන ඇත.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය පැවසුවේ, එම කොකේන් මත්ද්‍රව්‍ය තොගය බ්‍රසීලයෙන් රැගෙන, ඒවා කාඩ්බෝඩ් මත අලවා ඒ මත කළු පැහැති කඩදාසිද අලවා, කාඩ්පත් 02 බැගින් කුඩා බෑග් 07ක එලෙස අසුරා ගමන් මල්ලේ සඟවා තිබීයදී සොයාගත් බවයි .අත්අඩංගුවට ගෙන ඇත්තේ 59 හැවිරිදි බ්‍රසීල ජාතික ගුරුවරයෙක් බව පැවසේ.

එලෙස සොයාගත් කොකේන් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් පමණ වන බවටද අනාවරණ වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...