59 හැවිරිදි බ්‍රසීල ජාතික ගුරුවරයෙක් මත්ද්‍රව්‍ය සමඟ මෙරටදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක

කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්, අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු බ්‍රසීලයෙන් කටාර් රාජ්‍යය වෙත පැමිණ, දෝහා සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බව වාර්තා වේ.

එම පුද්ගලයා ගෙන ආ කුඩා බෑග් 07ක් තුළ අසුරා තිබී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04යි ග්‍රෑම් 855ක් සොයාගෙන ඇත.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය පැවසුවේ, එම කොකේන් මත්ද්‍රව්‍ය තොගය බ්‍රසීලයෙන් රැගෙන, ඒවා කාඩ්බෝඩ් මත අලවා ඒ මත කළු පැහැති කඩදාසිද අලවා, කාඩ්පත් 02 බැගින් කුඩා බෑග් 07ක එලෙස අසුරා ගමන් මල්ලේ සඟවා තිබීයදී සොයාගත් බවයි .අත්අඩංගුවට ගෙන ඇත්තේ 59 හැවිරිදි බ්‍රසීල ජාතික ගුරුවරයෙක් බව පැවසේ.

එලෙස සොයාගත් කොකේන් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් පමණ වන බවටද අනාවරණ වී ඇත.