අපි කුකුල් කකුලක්වත් විසි කරන්නේ නෑ ඉස්සහරට. කුකුල් කකුලෙනුත් අපි ඩොලර් හොයනවා – ඇමති නාමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඉදිරියේදී කුකුල් කකුල් චීනයට විකුණා ඩොලර් ඉපයීමට කටයුතු කරන බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

“ආං ඉස්සරහට කුකුල් කකුලක්වත් අපි විසි කරන්නෙ නෑ. දැන් ඒ සබ්ජට් එක අපි යටතේ නෙ තියෙන්නෙ. දැන් කුකුල්ලුන්ගෙ කකුල්වලට මොකද කරන්නෙ ? දැන් ඉස්සරහට ඒ කුකුල් කකුල් පටවනවා චීනෙට. කුකුල් කකුලෙ හම ගලවන්නෙත් නෑ, පොත්ත ගලවන්නෙත් නෑ. තෙම්පරාදු කරලා ගත්තාම මරේ මරු චීනාට. ඌ කනවා පට්ටෙටම. ඊටපස්සෙ සුප් හදනවා. අපිත් ඉතින් සුපක් හදලා බොමු කෙල්ලේ මොනවා වුණත් නේ වෙලාවක. කුකුල් කකුලෙනුත් අපි ඉස්සරහට ඩොලර් හොයනවා”

නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (අප්‍රේල් 19) මාවතගමදී පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙපිරිසක් ගැටී අයෙකු මරුට:සැකකරුවන් පලා යයි..

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW: ඊයේ (01) සවස් කාලයේදී,...

“විනිවිද කළුවර දිදුලන හදවත” සහ පැමිණි දුක්වල පැණි රස

2025 අවුරුද්දෙ ජුලි 31 හැන්දෑවෙ කොළඹ මහවැලි කේන්ද්‍රයෙ දි...

මහේස්ත්‍රාත් තිලින ගමගේ සේවයෙන් ඉවතට ?

මොරටුව දිසා විනිසුරු / මහේස්ත්‍රාත් වශයෙන් කටයුතු කළ තිලින...

කතරගම දේවාලයේ අක්කර 550 ඉඩමකට කෝටි 2ක බදු පොල්ලකුත් තියා දැදිගමලා ඉල්ලූ අතුරු තහනම ඉවතට !

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් බදු පදනම මත දැදිගම...