පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සම්බන්ධ බව විමර්ශනවලින් හෙළිදරව් වෙලා – ඇමති බිමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ව අත් අඩංගුවට ගනු ලැබුවේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු අතුරුදන් කරවීම සම්බන්ධයෙන් වුවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරයට ද සම්බන්ධ බව මේ වනවිට විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

“රාජපක්ෂ පාලනයේ හිටපු මහ ඇමතිවරයා පිල්ලෙයාන්, ඔහුව අත් අඩංගුවට අරන් තියෙනවා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපති ඝාතනය සම්බන්ධයෙන්. නමුත් අපි දන්නවා ඔහුගේ යම් සම්බන්ධයක් මේ පාස්කු ප්‍රහාරයට තිබෙන බව දැනට පරීක්ෂණවලින් යම් ප්‍රමාණයක් හෙළිදරව් වෙලා තිබෙනවා. අපිට දැන් පැහැදිලියි රජයට සම්බන්ධ ඉහළම ආයතනවලත් යම්කිසි දායකත්වයක් ඇතුව වෙච්ච අපරාධයක් මේක. ඇත්ත අපරාධකරුවන් කලබල වෙලා ඇති. ඒක නිසා තමයි රනිල් වික්‍රමසිංහ පිල්ලෙයාන්ට කතා කරන්නෙ, ගම්මන්පිල වගේ අයට පිල්ලෙයාන්ගෙ නීතීඥයා වෙන්න ඕනෙකම ඇතිවෙලා තියෙන්නෙ. ඒ වගේම ඊටත් අමතරව අපි තොරතුරු දන්නවා, හිටපු රජ පවුල සලිත වෙලා තිබෙනවා”

බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (අප්‍රේල් 20) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ දකුණ පෙරමුණ ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන යූත්...

ස්පාඤ්ඤය වාර්තාගත ඉහලම උෂ්ණත්වයකට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 25: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය වාර්තාගත ඉහලම...

වසර හතරකට පෙර මැකී ගිය ”දේදුන්න”

මංගල සමරවීර කියන දේශපාලනඥයා,මානවහිතවාදීයා, සෞන්දර්යවේදියා වගේම මගේ හෘදයාංගම මිතුරා...