රුසියාව පාස්කු ගිවිසුම කඩ කළ බවට යුක්‍රේනයෙන් චෝදනා : රුසියාවෙනුත් යුක්‍රේනයට එළෙසින්ම චෝදනා

Date:

රෂිකා හෙන්නායක

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන් විසින් ප්‍රකාශයට පත් කරන ලද පැය 30ක පාස්කු සටන් විරාමය උල්ලංඝනය කර ඇති බවට රුසියාව සහ යුක්‍රේනය එකිනෙකාට චෝදනා එල්ල කරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

රුසියානු හමුදා 3,000කට ආසන්න වාරයක් සටන් විරාමය උල්ලංඝනය කර ඇති බව, යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසා ඇත.

 

රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ යුක්‍රේනය ඩ්‍රෝන යානා සහ ෂෙල් වෙඩි ප්‍රහාර සිය ගණනක් එල්ල කළ බවයි.  එම ප්‍රහාර වළක්වා ගැනීමට පියවර ගත් බවද රුසියාව පවසා තිබේ.

2022 වසරේ පෙබරවාරි මස 24 වනදා රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ වීමෙන් පසු ගත වූ වසර තුනක කාලය තුළ ඇති කරගත් මෙම තාවකාලික සටන් විරාමය වැදගත් අවස්ථාවක් බවයි. මෙම තාවකාලික සටන් විරාමය ප්‍රකාශයට පත් කෙරුණේ සාම සාකච්ඡා සඳහා යොමුවන ලෙසට අමෙරිකාව, රුසියාවට සහ යුක්‍රේනයට බලපෑම් කරමින් සිටින පසුබිමක් තුළ බව , යුධ විශ්ලේෂකයින් පෙන්වා දී ඇත.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශීය නිෂ්පාදකයින් රැකගන්න පාර්සල් රේගු බදු වෙනස් කළා. වැඩේ ගාණට යනවා – ඇමති චතුරංග

ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදකයින්ට දැවැන්ත තර්ජනයක් වී පැවති තනි...

Starlink : රනිල් මස්ක්ට ස්තූති කරයි. ඉක්මනින් නැවත හමුවීමටත් බලාපොරොත්තුවෙන්

Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව සඳහා ශ්‍රී ලාංකිකයින්ට ප්‍රවේශය ලබාදීම...

කහවත්තේ OIC යාපනයට මාරු කරයි

කහවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා යාපනය පොලිස් කොට්ඨාසයට මාරුකර තිබේ. ඒ,...

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...