කීරවැල්ලේ කුමාරයා ….

Date:

‘අනුර ගේම් එක ගැහුව බං’. ඔය මාලිමාවේ විවේචකයින්ට මම කියන්නේ ඔන්න ඔය වචන හතර පහ හොඳට කටපාඩමින් මතක තියාගන්න කියල. විශේෂයෙන් එළුවගෙ මොකක්ද එක අද වැටෙයි හෙට වැටෙයි කියල බලන් ඉන්න ගොයියන් ඉහත වැකිය මතක තබාගත යුතුම වැකියක්.

අන්තිමට උගුලෙන් හරි හබකෙන් හරි එයා සහ එයාලගේ පක්ෂය ඒ ගේම ගැහුවා. සහ අනෙක් හෙන මාරයි කියන පොරවල්ලට ඒ ගේම ගහන්න බැරිවුණා සහ පැරදුණා. කුජීත උණා. පච උණා. ‘අනුර ගේම ගැහුවා’ කියන එක මන්තරයක් වගේ කටපාඩම් කරවන්න ඕනි උන්ට. නැත්නම් අමතක වෙනවා.

අලුත් අවුරුද්ද වෙනකොට වැටෙයි කීවා. කෝ වැටුණද? වැටෙන්නේ නැහැ බං. හොඳට යනවා.

අනුර ජනාධිපති උණා විතරක් නෙවෙයි යකෝ ඕනිනම් කීරවැල්ලේ කුමාරයා හැටියට රජ වෙන්නත් පුළුවන්. දළදාවේ උරුමක්කාරයා හැටියට ඔටුණු පළන්දන්නත් පුළුවන්. මීට කලින් රජවෙලා හිටපු උන් ඉස්සරහා මීක් නැතුව හිටියා වගේ දැන් සාමාන්‍ය මිනිහෙක්ගේ පුතෙක් රජවෙලා ඉන්නවා. ඒක ඉවසගෙන හිටපල්ලා. නැත්නම් ආර්ය මෞර්ය වංශිකයෝ කියන උඹලගේ මී මුත්තෝ ඉන්න ඉන්දියාවට පලයල්ලා.

උන් ලැජ්ජා නැතුව පාවිච්චි කරපු දෘෂ්ටිවාදී උපකරණ දැන් සාමාන්‍ය මිනිහෙක් පාවිච්චි කරනවා. ඉවසගෙන හිටු!

දැන් අරක වෙනස් මේක වෙනස් කියල නාහෙන් අඬන අයට ලාල් ලස්සන උත්තරයක් දෙනවා. ‘ඔව්…ඒ වෙලාවේ අපි වෙනස්. ඒ වෙලාවේ අපි කළේ විපක්ෂයේ කාර්යභාරය. දැන් අපි කරන්නේ ආණ්ඩුකරණය. දැන් අපි ඉස්සර වගේ නැහැ’. මේ දෙකේ වෙනස දන්නේ නැත්නම් දේශපාලනය නොකර හිටු!

ලාල් ඒ ඉන්ටවිව් එකේම නැවතත් කියනවා ‘අපි මේක දෙන්නේ නැහැ’. ❤

~ මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...