කෙහෙළියගේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුව ගැන නව තීරණයක්!

රෂිකා හෙන්නායක

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහාතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පවතින නඩුකරය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරිය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙන බව පැවසේ.

මෙම ඉල්ලීම ඇතුළත් ලිපිය නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරිය වෙත යොමුකර තිබෙන බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ලිපිය තුළින් නීතිපතිවරයා සඳහන් කර ඇත්තේ මෙම නඩුකරයට පාදක වන ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය තුළින් ශ්‍රී ලංකාවට විශාල ආර්ථික පාඩුවක් සිදුවී ඇති බවයි. 

මේ තුළින් රාජ්‍යයට සිදුවී ඇති පාඩුව සහ මහජනයාට සිදුවූ හානිය යන කරුණු සැලකිල්ලට ගෙන 2018 අංක 9 දරණ විශේෂ පනත යටතේ මෙම නඩුකරය විශේෂ නඩුකරයක් සේ සලකා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරිය වෙත යොමුකර තිබෙන එම ලිපිය තුළින් ඉල්ලා තිබෙන බවද වාර්තා වේ.

ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි සැකපිට  හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසක් පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ඔවුන් ඇපමත මුදා හැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මේ වන විට නියම කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Victoria’s Secret Fashion Show; හොලිවුඩ් තරු අතරින් ලෝකයේම ඇස් ඇදගත් විලාසිතා මංගල්‍යයේ ශ්‍රී ලාංකික සලකුණ — එලීනා ගුණවර්ධන 

සටහන – පුලී ඔක්තෝම්බර් 19, LNW (කොළඹ): ලොව පුරා විලාසිතා ලෝලීන්ගේ නෙත්...

ශ්‍රී ලංකාවේ නිල RMB නිෂ්කාශන බැංකුව ලෙස ‘Bank of China’ නම් කෙරේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : චීන බැංකුව රටේ...

බ්‍රසීල ඇමසන් වනාන්තර විනාශය වාර්තාගත අවම මට්ටමකට; ලූලාට මල් මිටක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: බ්‍රසීලයේ ඇමසන්...

ප්‍රංශයට ඇඳිරිනීතිය පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: ප්‍රංශය පුරා...