විනාශ වූ බැංකොක් ගොඩනැගිල්ලේ කොන්ත්‍රාත්කරුගේ විධායක නිලධාරියා අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක

ඉකුත් මාර්තු 28 තායිලන්තයට බලපෑ භූමිකම්පාවේදී කඩා වැටුනු බැංකොක් නුවර ඉදිකෙරෙමින් පැවැති කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරීමට වගකිව යුතු ඉදිකිරීම් සමාගමේ චීන විධායකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

තායිලන්තයේ විශේෂ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් ඉකුත් සෙනසුරාදා චීන ජාතික ෂැං චුවාන්ලිං නමැත්තා එලෙස අත්අඩංගුවට ගෙන ඇත. 

ඔහු චීන ඉදිකිරීම් සමාගමක තායිලන්තයට අයත් අනුබද්ධිත ආයතනයක සේවය කර ඇති අතර ගොඩනැගිල්ල කඩා වැටීම සම්බන්ධයෙන් වන චෝදනාවට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු මත අවශ්‍යව සිටි පුද්ගලයන් හතර දෙනාගෙන් කෙනෙකි. සමාගම විසින් බැංකොක් හි චතුචක් දිස්ත්‍රික්කයේ තට්ටු 30 කින් යුත් රාජ්‍ය විගණන කාර්යාල මූලස්ථානය ඉදිකරමින් සිටි අතර, මාර්තු 28 වන දින මධ්‍යම මියන්මාරයට බලපෑ විශාල පරිමාණයේ භූමිකම්පාවකින් එය කඩා වැටුණි.

තායිලන්ත ජාතිකයින් වන අනෙක් සැකකරුවන් තිදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව බැංකොක් පෝස්ට් වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල ඇමසන් වනාන්තර විනාශය වාර්තාගත අවම මට්ටමකට; ලූලාට මල් මිටක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: බ්‍රසීලයේ ඇමසන්...

ප්‍රංශයට ඇඳිරිනීතිය පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: ප්‍රංශය පුරා...

අද, හෙට සහ අනිද්දා දිවයින පුරා විදුලිය කැපෙන කාලසටහන මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (19) , හෙට (20) සහ...