පාස්කු වාර්තාව අධ්‍යයනයට පොලීසියෙන් කමිටුවක්!

කොළඹ LNW:අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබෙන පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත්කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ සභාපතිවරයාගේ සභාපතීත්වයෙන් එම කමිටුවක් පත්කර ඇති අතර එහි සෙසු සාමාජිකයින් වන්නේ
නියෝජ්‍ය පොලිස්පති – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,අධ්‍යක්ෂ – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,අධ්‍යක්ෂ – ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ලෙසයි.

මේ අතර මෙම කමිටුව මඟින් තවත් අනුකමිටු ගණනාවක් පිහිටුවා ඔවුන් විසින් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඒ අනුව මතුවන නව කරුණු සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

කෙසේවෙතත් මෙම පරීක්ෂණ කොමිසම් වාර්තාව පිටු 66,000 – 67,000ක් අතර වන බැවින් දැනට පිහිටුවා ඇති කමිටු මඟින් මෙම වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඉක්මණින් ඊට අදාළ විමර්ශන ආරම්භ කර ඉදිරි නෛතික කටයුතු සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Victoria’s Secret Fashion Show; හොලිවුඩ් තරු අතරින් ලෝකයේම ඇස් ඇදගත් විලාසිතා මංගල්‍යයේ ශ්‍රී ලාංකික සලකුණ — එලීනා ගුණවර්ධන 

සටහන – පුලී ඔක්තෝම්බර් 19, LNW (කොළඹ): ලොව පුරා විලාසිතා ලෝලීන්ගේ නෙත්...

ශ්‍රී ලංකාවේ නිල RMB නිෂ්කාශන බැංකුව ලෙස ‘Bank of China’ නම් කෙරේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : චීන බැංකුව රටේ...

බ්‍රසීල ඇමසන් වනාන්තර විනාශය වාර්තාගත අවම මට්ටමකට; ලූලාට මල් මිටක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: බ්‍රසීලයේ ඇමසන්...

ප්‍රංශයට ඇඳිරිනීතිය පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: ප්‍රංශය පුරා...