ඇමරිකා උප ජනාධිපති ජේ.ඩී.වැන්ස් දිල්ලියේදී අගමැති මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී.වැන්ස් දිල්ලියේදී ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදී හමු වී ඇති බව වාර්තා වේ.

මෙහිදී රාජ්‍ය නායකයන් දෙදෙනාගේ සාකච්ජාවන් සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදී සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර තිබුණේ, වෙළඳාම, තාක්ෂණය, ආරක්ෂක, බලශක්තිය සහ ජනතාව අතර හුවමාරුව ඇතුළුව අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් කරුණු රාශියක් සාකච්ජා කළ බවයි.

ජනාධිපති ට්‍රම්ප් ඉන්දියාව සඳහා 27%ක තීරුබදු පනවා තිබු අතර ජූලි 9 වන දිනෙන් අවසන් වන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉහළ තීරුබදු සඳහා දින 90 ක විරාමය අතරතුර එක්සත් ජනපදය සමඟ වෙළඳ ගිවිසුම් සාකච්ඡා කරන රටවල් අතර ඉන්දියාව ද ඉහලින්ම සිටියි.

ඇමරිකා උප ජනාධිපති ජේ.ඩී.වැන්ස් සිය බිරිද උෂා වෑන්ස් හා සිය දරුවන් තිදෙනා සමඟ වන අතර උෂා වැන්ස්ගේ දෙමාපියන් දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයෙන් ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වී තිබේ.

මේ සමබන්ධයෙන් සමහර ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් වී ඇත්තේ වැන්ස් සහ ඔහුගේ බිරිඳ තම දරුවන්ට ඔවුන්ගේ ඉන්දියානු උරුමය හඳුන්වා දීමට උනන්දු වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Victoria’s Secret Fashion Show; හොලිවුඩ් තරු අතරින් ලෝකයේම ඇස් ඇදගත් විලාසිතා මංගල්‍යයේ ශ්‍රී ලාංකික සලකුණ — එලීනා ගුණවර්ධන 

සටහන – පුලී ඔක්තෝම්බර් 19, LNW (කොළඹ): ලොව පුරා විලාසිතා ලෝලීන්ගේ නෙත්...

ශ්‍රී ලංකාවේ නිල RMB නිෂ්කාශන බැංකුව ලෙස ‘Bank of China’ නම් කෙරේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : චීන බැංකුව රටේ...

බ්‍රසීල ඇමසන් වනාන්තර විනාශය වාර්තාගත අවම මට්ටමකට; ලූලාට මල් මිටක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: බ්‍රසීලයේ ඇමසන්...

ප්‍රංශයට ඇඳිරිනීතිය පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: ප්‍රංශය පුරා...