පාස්කු දේව මෙහෙයක් අතරතුර සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනා මුදා හැරේ!

Date:

රෂිකා හෙන්නායක

කොළඹ ,  කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ පාස්කු ඉරුදින දේව මෙහෙය පැවති අවස්ථාවේදී ඒ අසල සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු  මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙන බව වාර්තා වේ. මෙම සැකකරුවන් වෙරළ බඩ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ඊයේ දින කොච්චිකඩේ ශාන්ත මුනිඳුන්ගේ දේවස්ථානයේ පාස්කු ඉරුදින දේව මෙහෙය පැවති අවස්ථාවේදී ඒ අසල සැක කටයුතු ලෙස ගමන් කරමින් සිටි මෙම සැකකරුවන් දෙදෙනා  ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන පොලිසියට ඉදිරිපත් කළ බව, පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පවසා ඇත,

ඒ අනුව මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා බවත් ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි නියෝග අනවශ්‍ය බවත් පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත, ඒ අනුව අදාළ සැකකරුවන්  මුදා හැරීමට අධිකරණය විසින් නියම කළ බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් කළ ඉල්ලීම ඉරානය හෙළා දකී

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...

ශ්‍රී ලංකාවේ පළමු ප්ලාස්ටික් පරීක්ෂණාගාරය විවෘත වේ….

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : GP Certified විසින්...

ගනේමුල්ල සංජීව ඝාතනය: සැකකාර නීතිඥවරිය ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට...

බන්ධනාගාර ගත කරන්න තරම් සාක්ෂි නෑ.බැකෝ සමන්ගේ බිරිඳට ඇප!

කොළඹ LNW:විෂ මත්ද්‍රව්‍ය පනත හා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත...