ආඬිඅම්බලමේ ඝාතන තැත : වැඩිදුර විස්තර අනාවරණය වෙයි

Date:

කටුනායක, ආඬිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේදී අද (අප්‍රේල් 22) පෙරවරුවේ ව්‍යාපාරිකයකු වෙඩිතබා ඝාතනය කිරීමට තැත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබේ.

මෙසේ ඝාතනය කිරීමට උත්සාහ දරා තිබුණේ දැවමොට්ටාව ප්‍රදේශයේ පදිංචි මුදල් පොළියට දීමේ කටයුතුවල නිරත වන 37 හැවිරිදි පුද්ගලයකුව ය.

වෙඩික්කරුවන් දෙදෙනෙකු ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් එම නිවසට පැමිණ මෝටර් රථයක ලිපිලේඛන ඇපයට තබා මුදල් ලබාගැනීමට අවශ්‍ය බව පවසා ඇති අතර ඔවුන් ගැන යම් සැකයක් සිතුණු බැවින් ව්‍යාපාරිකයා ඔවුන් නිවසට ඇතුළු වූ පසුව නිවසේ ගේට්ටුව දුරස්ථපාලකය මගින් වසා දමා ඇත.

එහිදී කලබලයට පත්වූ වෙඩික්කරුවන් දෙදෙනා ව්‍යාපාරිකයාට වෙඩිතැබීමට උත්සාහ දරා තිබුණු නමුත් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීමෙන් එම ප්‍රයත්නය ව්‍යර්ථ වී තිබිණි.

ඉන් අනතුරුව ව්‍යාපාරිකයා ඔවුන් සමග පොරබදා තිබුණු අතර වෙඩික්කරුවන් දෙදෙනා නිවසෙන් පළායාමට තැත් කළත් ගේට්ටුව වසාදමා තිබූ බැවින් ඔවුන්ට යතුරුපැදිය අතහැර නිවසේ තාප්පයෙන් පැන යාමට සිදුව තිබේ.

එහිදී එක් වෙඩික්කරුවකු තාප්පයෙන් ඇදවැටී කකුලක අස්ථි බිඳිමක් සිදුව ඇති අතර ඔහු ගිනිඅවියෙන් වෙඩිතබාගෙන සියදිවි හානිකර ගැනීමට තැත් කළත් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීමෙන් එම ප්‍රයත්නය ද අසාර්ථක වී ඇති බවයි වාර්තා වන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

බලය අරන් ළඟ ළඟ මෙච්චර වැඩක් දෙයි කියලා හිතන්න අමාරුයි. ඒත් …..

බලය අරන් ළඟ ළඟ මෙච්චර ගානකට අරියි කියලා හිතන්ට...