ජනාධිපති දැන් කියන්නේ පැරදෙනකොට කියන කතා. මාලිමාව ඡන්දෙ ගන්න මොනවද මේ මාස හයට කළේ ? – රනිල්

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට මැතිවරණ වේදිකාවලදී ජනතාවට තර්ජනය කරන බවත් සාමාන්‍යයෙන් එවන් හැසිරීම් දක්නට ලැබෙන්නේ පරාජය හමුවේ බවත් හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“මාස හයකට ඉස්සෙල්ලා පත්වුණ ජනාධිපතිවරයායි එයාගෙ ආණ්ඩුවයි. වෙන එකක්වත් අදාළ නෑ, මොකක්ද මේ මාස හයේ කළේ ? මට දුන්න වෙලාවේ මම මාස හයෙන් පෝලිම් නැති කළා, IMF එකේ මුදල් අරන් දුන්නා. දැන් මේ අය මොකක්ද කරන්නෙ ? ඡන්දෙ දෙන්නෙ නැත්නම් මුදල් දෙන්නෙ නෑ කිව්වා. ඒක පැරදෙනකොට කියන කතාවක් නෙ … දිනනකොට කියන්නෙ ඔබ දුන්න වරම තවත් ශක්තිමත් කරන්න කියලා. අපි ඔක්කොම දන්නවානෙ ඔය භාෂාව. දැන් මම දැක්කා ඊයෙත් රජයේ සේවකයින්ට තර්ජනය කරනවා, මාරු කරනවා කියලා. තමන්ගෙ හිතේ තිබුණු එක තැපැල් ඡන්දයට ඉස්සෙල්ලා කියපු එක ගැන මම ස්තූතිවන්ත වෙනවා. මම දැක්කා ඒගොල්ලොන්ගෙ මන්ත්‍රීවරයෙක් පෙරේදා කියනවා කීර්ති ශ්‍රී රාජසිංහ තමයි වික්ටෝරියා ජලාශය හැදුවෙ, රාජාධිරාජසිංහ තමයි රන්දෙණිගල හැදුවෙ, ශ්‍රී වික්‍රම රාජසිංහ තමයි රන්ටැඹේ හැදුවෙ කියලා. පස්සෙ බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා අරගෙන වික්ටෝරියා කිව්වා ලු. ඔහොම මිනිස්සු එක්ක කොහොමද රටක් කරන්නෙ ? මොනවද මාස හයට කළේ ඡන්දෙ දෙන්න ? ගමේ කරපු වැඩ කටයුතු තුනක් කියන්න කියන්න බලන්න”

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (අප්‍රේල් 24) මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේදී පැවති එජාප පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින්ගේ හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරමින් නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්!

කොළඹ LNW:නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා...

පාසල් පෝෂණ වැඩසටහනට රු.මිලියන 33,600ක්!

කොළඹ LNW:පාසල් පෝෂණ වැඩසටහන සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල්...

බැංකොක්හි වීදි ජලය පිරුණු වැව් බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: තායිලන්තයේ අගනුවර...