සිස්ටම් වෙනස් කරන එක සරල නෑ. ඒ ගමනේ අතිශයින්ම වැදගත් සන්ධිස්ථානයක් ප්‍රාදේශීය සභා ඡන්දය – හරිනි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සිස්ටම් එකක් වෙනස් කිරීම යනු සරල දෙයක් නොවන බවත් ඒ සඳහා දේශපාලනයේ සෑම ස්ථරයකම ජාතික ජන බලවේගයේ කණ්ඩායම් බලය ලබාගත යුතු බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.

“අපි 2024 ආරම්භ කළේ සරල ගමනක් නෙවෙයි, ක්‍රමවේදයක් වෙනස් කරන ගමනක්. සිස්ටම් එකක් වෙනස් කරන්න කියලා තමයි ඔබතුමන්ලා අපෙන් ඉල්ලුවේ. ඒක සරල දෙයක් නෙවෙයි. ඒක ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය තුළ අපිට විවිධ අවස්ථා එනවා මේ ක්‍රියාවලිය, ඇයි අපි මේ ගමන යන්නෙ, මේක තුළ තියෙන විවිධ අවස්ථාවලදී අපි කොහොමද එකතුවෙන්නෙ, කොහොමද ඒ ජයග්‍රහණය රැකගන්නෙ, මේ ලබාගත්ත ජයග්‍රහණය අපි ආරක්ෂා කරමින් ඉදිරියට යන්නෙ කොහොමද කියන එක අපි නිතර නිතර මතක් කරකර යන්න ඕනෙ ගමනක්. ඒ ගමනේ අතිශයින්ම වැදගත් සන්ධිස්ථානයක් තමයි මැයි 06 වෙනිදා කියන්නෙ. ඒක මම එහෙම කියන්නෙ ඒක අපිට දින්න ඕනෙ තවත් මැතිවරණයක් නිසා නෙවෙයි. මං හිතන්නෙ දිනන එක අපි කාටවත් සැකයක් නෑ, නැවත වතාවක් 2024 වගේ ජාතික ජන බලවේගයට විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදෙන්න ඔබ සියලු දෙනා එකතු වෙන බව මට නම් කිසිම සැකයක් නෑ. නමුත් අපි පාර්ලිමේන්තුව තුළ මොන ප්‍රගතිශීලී තීරණ ගත්තත් වැඩක් නෑ ගමෙත් මේ වෙනස සිද්ධ වෙලා නැත්නම්. ඒ උඩ ඉඳන් යටට ගැලපෙන ඒ දේශපාලන සංස්කෘතිය අපි සෑම ස්ථරයක් තුළම, ඒ දේශපාලන නායකත්වය තිබිය යුතු සෑම ස්ථරයක් තුළම මේ අලුත් ගමනට සුදුසු මේ අලුත් දේශපාලන සංස්කෘතිය නියෝජනය කරන කණ්ඩායම් සෑම ස්ථරයක් තුළම තියෙන්න ඕනෙ”

හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ පෙරේදා (අප්‍රේල් 23) රාත්‍රියේ කළුතරදී පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධවල මන්දිරයේ නවතම තීරණය: ශ්‍රී ලංකාවටත් බලපායි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වැඩසටහන් 24කට...

ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...

ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...