ජනාධිපති ඉන්නකං මොන ආණ්ඩු හැදුවත් ඵලක් නෑ, අපි එන්නෙත් නෑ – අනුර

Date:

වත්මන් අර්බුද සියල්ලටම වගකිව යුතු ප්‍රධාන පුද්ගලයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා පවසනවා. ඒ නිසා රාජපක්ෂ මහතා ජනාධිපති පුටුවේ සිටින තාක් බිහිකරන සර්ව පාක්ෂික හෝ අන්තර්කාලීන‌ හෝ කිසිදු ආණ්ඩුවකින් ජනතා බලාපොරොත්තු ඉටුකළ නොහැකි බවයි දිසානායක මහතා සඳහන් කරන්නේ.

ජනාධිපතිවරයා තනි, තක්කඩි, හිතුවක්කාරී තීරණයකට අනුව එකවරම රසායනික පොහොර තහනම් කිරීම හරහා රටේ සමස්ත ගොවි ජනතාවම විනාශයට ඇද දැමූ ජනාධිපතිවරයා අද, තමන් ගත් තීරණය වැරදි බව පිළිගෙන ඇති බවත්, කෙසේ වුවද වැරැද්ද පිළිගැනීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් පෙන්වා දෙන අනුර දිසානායක මහතා පවසන්නේ ඔහු ගත් හිතුවක්කාරී තක්කඩි තීන්දුවල වගකීම බාර ගනිමින් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වී ගෙදර යායුතු බවයි.

වත්මන් ජනාධිපතිවරයා මුල් පුටුවේ තබාගෙන නිර්මාණය කරන කිසිදු ආණ්ඩුවකට ජාතික ජන බලවේගයේ සහයෝගය හිමි නොවන බවත්, ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමෙන් පසුව පාර්ලිමේන්තුව හරහා සිදුවන එකඟතාවයක් මත ගොඩනැගෙන පාලනයක් සඳහා සම්බන්ධවීමට සූදානම් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...