මේ රට හදන්න නම් හැමදෙනාටම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම රටක් අපි හැදුවා – ජනපති පුදුකුඩිඉරිප්පුවේදී කියයි (VIDEO)

Date:

කොළඹ LNW:මේ රට හදන්න නම් හැමදෙනාටම නීතිය ක්‍රියාත්මක රටක් බවට පත් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (26) පුදුකුඩුඉරිප්පු මහජන රැළියේදී පැවසුවේය.

එම රට ජාතික ජන බලවේගය විසින් සාදා තිබෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඒ අනුව එළඹෙන මැයි 06 වැනිදා තවත් විශාල හයියක් ආණ්ඩුවට ලබාදිය යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම අපරාධ කළ,වංචා කළ අයට කවදා හෝ දඬුවමක් ලැබිය යුතු බවයි එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ.

ආණ්ඩුව සම්බන්ධයෙන් අද තියෙන විශ්වාසය හෙට වැඩිවන අතර අද විශ්වාස නොකරන කෙනා හෙට විශ්වාස කරන බවත් ජනතාවට වැඩ කරන එකම ආණ්ඩුව ජාතික ජන බලවේගය බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී වැඩිදුරටත් පැවසුවේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...