සිව් වන ගෝලීය මාධ්‍ය නවෝත්පාදන සංසදය චීනයේ Shandong හි දී

කොළඹ LNW:සිව් වන ගෝලීය මාධ්‍ය නවෝත්පාදන සංසදය පසුගිය දා පැවැත්වුණා. ඒ චීන මාධ්‍ය සමූහය හා චීනයේ Shandong පළාතේ මහජන රජය එක්ව එම පළාතේ Qufu නගරයේ දී.

චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එම සංසදයට එක්වෙමින් පැවසුවේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පළමු වන ‍ගෝලීය මාධ්‍ය නවෝත්පාදන සංසදයට සුබ පැතුම් පණිවිඩයක් යොමු කළ බවයි. ඔහුගේ මාර්ගෝපදේශයන්ට අනුව, චීන මාධ්‍ය සමූහය කටයුතු කරන බව ඔහු සඳහන් කළා.

ශිෂ්ටාචාර සංවාද මත පදනම් ව මාධ්‍ය ඔස්සේ සංවාද ගොඩනැංවීම ද චීන මාධ්‍ය සමූහයේ නොවෙනස් මෙහෙවරකි. විවිධ රටවල මිතුරන් හා එක්ව ලෝක සාමය හා සංවර්ධනය වෙනුවෙන් අඛණ්ඩ ව ශිෂ්ටාචාරාත්මක සවියක් එක් කිරීම චීන මාධ්‍ය සමූහයේ අපේක්ෂාව බව ද අධ්‍යක්ෂ ජනරල්වරයා එහිදී සඳහන් කළා.

මෙවර සංසදයේ ප්‍රධාන තේමාව ‘හුවමාරුව, අන්‍යෝන්‍ය ඉගෙනීම, තාක්‍ෂණය සවිබල ගැන්වීම සහ පරිවර්තනය හා සංවර්ධනය තුළ ශිෂ්ටාචාරයේ බලය’ යන්නයි.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා අතරතුර ප්‍රචණ්ඩ ගැටුම්, කොල්ලකෑම් සහ ගොඩනැගිලි ගිනි තැබීම් – 1200කට අධික පිරිසක් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:පාසල්වල පවතින දුෂ්කරතා සහ ජීවන වියදම ඉහළ...

ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් රටවල් කිහිපයක දැවැන්ත විරෝධතා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 18: ජීවන වියදම...

චී…..අපේ හාමුදුරුවනේ!

උපාලි කොළඹගේ කොළඹ LNW:මට මතක් වෙනවා විදේශික හිමිවරුන් පිරිසක් ලෝක...

ප්‍රශ්න තුනයි, දවස් පහයි! ට්‍රම්ප්ගේ නව මාධ්‍ය ලේකම්වරියගේ හුළං බසී!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ...