දළදා ප්‍රදර්ශනයේ පෝලිම්වල ගහගත්තේ විපක්ෂයේ අය. ඔවුන්ව සුදු අන්දලා එවලා තිබ්බේ ඒකටමයි – ඇමති සමන්ත

පසුගිය දිනවල පැවති දන්ත ධාතු ප්‍රදර්ශනයේදී පෝලිම්වල ගැටුම් ඇති කළේ විපක්ෂය විසින් ඒ සඳහාම සුදු ඇඳුම් අන්දවා පෝලිමට එවූ ගෝලයින් කණ්ඩායම් විසින් බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

“අපේ බැතිමත්තු සාමාන්‍යයෙන් ඔය වගේ වන්දනාවකට යනකොට ඇත්ත බෞද්ධයෙක් නම් පෝලිමේ කෑකෝගහන්නෙ නෑ, ගහගන්නෙ නෑ. ඔය ඔක්කෝම කළේ කවුද දන්නවාද ? සජිත්ගෙ ගෝලයෝ, රාජපක්ෂලාගෙ ගෝලයෝ, වික්‍රමසිංහගෙ ගෝලයෝ සුදු ඇඳලා පෝලිමේ තැනින් තැනට දැම්මා. දාලා අර අහිංසක ජනතාව අතරට ගිහිල්ලා මත හැදුවා ‘අන්න අතනින් 500ක් දැම්මා, මේ දැන් දැම්මෙ, අතන වැසිකිළි නෑ, අතන කුණු’ කියලා. මේ ඔක්කෝම අවුල් කරන්න බැලුවා සුළු සුළු සිද්ධි ටිකක් ලොකු ලොකු සිද්ධි කරලා”

සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (29) පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...