චීනයේ Shenzhou -19 අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථක වේ

Date:

කොළඹ LNW:චීනයේ Shenzhou -19 ගගනගාමීන් රැගත් අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථක වී තිබෙනවා.

බෙයිජිං ‍වේලාවෙන් අද (30) 13:08ට Shenzhou-19 අභ්‍යවකාශ යානය ගොඩබිමට ආපසු පැමිණියා. Cai Xuzhe, Song Lingdong සහ Wang Haoze යන ගගනගාමීන් තිදෙනාම මනා සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව වෛද්‍ය පරීක්ෂණයෙන් ද තහවුරු වූ බවයි වාර්තා වන්නේ. ඒ සමගම Shenzhou-19 ගගනගාමීන් රැගත් අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථක වූ බව චීනය නිවේදනය කර තිබෙනවා.

Shenzhou-19 අභ්‍යවකාශ යානය 2024 ඔක්තෝබර් 30 වැනිදා Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශ ගත කෙරුණා. ගෙවී ගිය දින 183 තුළ ගගනගාමීන් තිදෙනා බාහිර ‍මෙහෙයුම් තුනක් සාර්ථකව සම්පූර්ණ කර ඇති අතර, 2024 දෙසැම්බර් 17 වැනිදා සිදු කළ ප්‍රථම බාහිර මෙහෙයුම දීර්ඝතම බාහිර ක්‍රියාකාරකම ලෙස ලෝක වාර්තාවක් ද පිහිටවනු ලැබුවා.

අභ්‍යවකාශ මෙහෙයුම අතරතුර, ගගනගාමීන් භූමි විද්‍යාත්මක පර්යේෂකයන්ගේ සහයෝගය ඇතිව විවිධ ක්ෂේත්‍රවල අභ්‍යවකාශ විද්‍යා අත්හදා බැලීම් විශාල ප්‍රමාණයක් සිදු කර ඇති බව ද වාර්තා වෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...