කැබිනට් ප්‍රකාශකවරයා දැන් ඉන්දීය රජයේ මාධ්‍ය ප්‍රකාශකයෙකු වගේ – පුබුදු ජාගොඩ

Date:

රෂිකා හෙන්නායක

🔉ගහපු ගිවිසුම් කැබිනට් ඇමතිවරුවත් දැකලා නෑ – අපිට කතාකර කීවා

🔈කොළඹ වරායේ ඉන්දියාව යුධ නැව් සහ සබ්මැරීන් කර්මාන්ත ශාලාවක් දැමීමට යයි – ලංකාවේ ප්‍රදේශ රැසක් ජාත්‍යන්තර යුධ අවදානමකට පත් කරලා

කොළඹ වරාය තුළ ඉන්දියාව විසින් යුධ නැව් සහ සබ්මැරීන් කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට සූදානම් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසයි ..

එමෙන්ම පසුගියදා ‍ ඉන්දියාව සමඟ අත්සන් තැබූ ගිවිසුම් මාලිමා ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් පවා දැක නොමැති බවත් , තමන් සමඟ පුද්ගලිකව සම්බන්ධතා ඇති අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම මේ පිළිබඳ කරුණු තහවුරු කළ බවත් ඔහු සඳහන් කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

ආණ්ඩුව විසින් ඉන්දියාව සමඟ අත්සන් තබා ඇති ගිවිසුම් සංඛ්‍යාව හතක් බව ප්‍රකාශ කළ ද ඉන්දියානු මාධ්‍ය විසින් එය 10ක් බව ප්‍රකාශ කර ඇති බවත් , ශ්‍රී ලංකාව තුළ ඉන්දියානු යුධ අවි කම්හල් සහ අවි ගබඩා ස්ථාපිත කිරීම පිළිබඳ කරුණු ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා විසින්ම එරට මාධ්‍යයන්ට අනාවරණය කර ඇති බවත් පුබුදු ජාගොඩ මහතා මෙම සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් කර ඇත.

මෙම කරුණු අසත්‍ය වන්නේ නම් ආණ්ඩුව වහා මැදිහත්ව ඒවා නිවැරදි කළ යුතු බවත් අවධාරණය කර ඇති ඒ මහතා, ඒ වෙනුවට සිදුව ඇත්තේ කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා ඉන්දීය රජයේ මාධ්‍ය ප්‍රකාශකයෙකු ලෙස හැසිරීම පමණක් බවත් සඳහන් කර තිබේ.

මෙම එකඟතා ගිවිසුම හේතුවෙන් ශ්‍රී ලංකාව කලාපය තුළ බරපතළ යුධ අවදානමකට ලක්වන බවත් නිදහසින් පසු කිසිම රජයක් මෙලෙසින් ශ්‍රී ලංකා රාජ්‍යයේ ස්වෛරීභාවය වෙනත් කිසිදු රටක් හමුවේ පාවා නුදුන් බවත් ඔහු මෙම සම්මුඛ සාකච්ඡාවේදී අවධාරණය කර සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Colombo City Holdings’ සමඟ එක්වූ නෙලක හතුරුසිංහ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : කලම්බු සිටි හෝල්ඩින්ග්ස්...

ලෝකයේ ඕනෑම කෙනෙකුට සටනක් දිය හැකි බව සහතික කරන විරේන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 07,  කොළඹ LNW: ලොව අංක 44 ට ශ්‍රේණිගතව...

2026 අයවැය කතාව ඇරඹේ!(VIDEO)

කොළඹ LNW: 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත...

ඒෂාන් මාලිංග සංචිත දෙකටම ඇතුළත් කරයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 07,  කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම...