ඒකාබද්ධ නිවේදනයක් එන බව කියූ ඇමරිකානු තීරුබදු සාකච්ඡා ගැන මුදල් නියෝජ්‍ය ඇමති දැන් කියන කතාව

Date:

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් පනවා ඇති නව තීරුබදු නිසා උද්ගතව ඇති ගැටලුව සම්බන්ධයෙන් අමෙරිකාව සමග එකඟතාවලට පැමිණීම එම තීරුබදු තාවකාලිකව අත්හිටුවා ඇති දින 90ක කාලසීමාව තුළ සිදුකර ගැනීමට බලාපොරොත්තු වන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසයි.

“අපි බොහොම ඵලදායී සාකච්ඡා වට කිහිපයක නිරත වුණා. ඒවා පදනම් වුණේ කරුණු දෙකක් මත. එකක් තමයි ඇමරිකාවට බලපා ඇති වෙළඳ හිඟය අඩුකර ගැනීම. දෙවැන්න තමයි අපනයනයවලට බලපා ඇති තීරුබදු අඩුකර ගැනීම. අප එහිදී ඔවුන්ට පැහැදිලි කළා ශ්‍රී ලංකාව පවතින්නේ IMF වැඩසටහනක් යටතේ බව. ඒ අනුව අනෙක් රටවලට සාපේක්ෂව තීරණ ගැනීමේදී ශ්‍රී ලංකාවට විශේෂ අභියෝග පවතින බව අපි ඔවුන්ට පැහැදිලි කළා. මෙම ගැටලුවේදී ශ්‍රී ලංකා රජය මැදිහත් වූ ආකාරය ඔවුන්ගේ පැසසුමට ලක්වුණා. රජයේ දූෂණ විරෝධී ප්‍රතිපත්තියත් ඔවුන්ගේ පැසසුමට ලක්වුණා.

ප්‍රධාන කාරණයක් තමයි අපේ දේශීය අපනයනකරුවන් මෙතුවක් කල් භාණ්ඩ සැපයීමේදී ඔවුන්ට තිබුණා තරගකාරී වාසියක්. අන්න ඒ තත්වය තවදුරටත් රඳවාගැනීම කියන පදනම මත තමයි මේ සාකච්ඡාව පැවැත්වුණේ. එතකොට ඒකෙ ප්‍රතිඵලය විදියට බලාපොරොත්තු වෙන්නෙ ඉදිරියටත් මේ දින 90 කාලසීමාවෙන් පසුව ඒ තීරණය වෙන තීරුබදු අනුපාත අනුවත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ තරගකාරී අවස්ථාව පවත්වාගෙන යාම. අපේ බලාපොරොත්තුව තමයි මේ වැඩ කටයුතු අවසාන වෙනකොට දෙපාර්ශ්වයම ඒ එකඟතාවය අවසාන මට්ටමට ආවට පස්සේ, ඒ ගිවිසුම අත්සන් කළාට පස්සේ අවශ්‍ය තොරතුරු ඉදිරියට සපයා දීම”

මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (අප්‍රේල් 30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

කෙසේවෙතත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දිනක මැතිවරණ ප්‍රචාරක රැළියකදී පවසා තිබුණේ මුදල් නියෝජ්‍ය ඇමතිවරයා ඇමරිකාවට ගොස් පැවැත්වූ සාකච්ඡා සාර්ථක බවත් නුදුරේදීම ඇමරිකාව සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන බවත් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුදාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් ඉල්ලා CIDයට පැමිණිල්ලක්

රනිල් වික්‍රමසිංහ මහතා අද (22) දිනයේදී අත්අඩංගුවට ගෙන දින...

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපතිගේ ප්‍රධානත්වයෙන්

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ...

රනිල්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය පැය බාගයකට කල් තබයි

අත් අඩංගුවට ගන්නා ලද රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප ඉල්ලීම...