ජනාධිපති සහෝදරයා බදුල්ලේ රැස්වීමට ආවාම තෙල් ගහන්න සල්ලි දුන්නේ සමන්ත – නි. ඇමති රුවන්

Date:

පසුගියදා බදුල්ලේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැමිණි අවස්ථාවේදී ඒ මහතාගේ නිල රථයට ඉන්ධන පිරවීම සඳහා අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මුදල් ලබාදුන් බවත් ජාතික ජන බලවේගය දේශපාලනය කරන්නේ ඒ ආකාරයෙන් බවත් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ පවසයි.

“ජනාධිපතිකමටත් දැන් සංගීත පුටු තරගයක් වගේ එහෙන් මෙහෙන් ඉදිරිපත් වෙලාත් ඉන්නවා. ඒවා වෙන දේවල් නෙවෙයි මේ ලෝකෙ. එක සතයක් මිනිස්සුන්ගෙ මහජන ධනය හොරකම් කරන්නෙ නැති, නාස්ති කරන්නෙ නැති අගමැතිවරියක්, ඇමතිවරු, ජනාධිපතිවරයෙක් පත්කරලා තියෙනවා නෙ. තමන්ට හිමි වරප්‍රසාද අහිමි කරගෙන. එදා බදුල්ල රැස්වීමෙදී මම දැක්කා, අනුර සහෝදරයා ආවෙ වාහනේ, තෙල් ගහන්න සල්ලි දුන්නා සමන්ත සහෝදරයා මීටිම ඉවරවෙලා. අන්න එහෙමයි අපි දේශපාලනය කරන්නෙ”

රුවන් රණසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ බදුල්ල ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ආණ්ඩුවේ ඇමතිවරු කිසිවෙක් අල්ලස් කොමිසමට ගෙන්වලා නෑ. පැමිණිලිකරු තමයි ගෙන්වලා තියෙන්නේ – ටිල්වින්

වත්කම් බැරකම් පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා තම පක්ෂයේ ඇමතිවරුන්...

වැසි තත්වයේ වෙනසක් – අද (31) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 31) දිනයේදී උතුර, නැගෙනහිර,...

හිටපු ඇමති ජොනී හැංගිලා. අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5ක් යොදවයි

සටහන - රුවන් නෙළුගොල්ල සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින්...