අපේ විශ්වාසය මානුෂීය ධනවාදය ගැනයි. රනිල්ලාගේ ලුම්පන් ධනවාදයට අපි එකඟ නෑ – විපක්ෂ නායක සජිත්

Date:

සමගි ජන බලවේගය විශ්වාස තබන්නේ මානුෂීය ධනවාදය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි බවත් එම පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පක්ෂයේ ලුම්පන් ධනවාදය සමග කිසිසේත්ම එකඟ නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

“සරලවම කියනවා නම් ඔව්, අපි විශ්වාසය කරනවා ධනවාදය පිළිබඳව. රනිල් වික්‍රමසිංහ මහතාගෙත් එක්සත් ජාතික පක්ෂයෙත් ධනවාදය, ලුම්පන් ධනවාදය. අපේ ධනවාදය, මානුෂීය ධනවාදය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය. පොඩි විස්තරයක් මං ඕගොල්ලන්ට කියන්නද ? රටකට ධනය ඕනෙ. ධනය නිර්මාණය කරන්න පුළුවන් සමාජවාදයට නෙවෙයි. ඒක කරන්න පුළුවන් ධනවාදයට. හැබැයි ධනවාදී ක්‍රමය තුළ මේ ධනය නිර්මාණය කරනකොට ලොකු විෂමතාවයන් ඇතිවෙනවා. හොඳින් ඉන්න අය, ඇති හැකි අය තවදුරටත් ශක්තිමත් වෙනවා, පතුළෙ ඉන්න කට්ටිය තවත් පතුළට වැටෙනවා. එතකොට එතෙන්ට අපි ගේන්න ඕනෙ මේ ධනවාදය නිර්මාණය කරන ධනය මානුෂීය සංකල්ප තුළින් යුක්තිය, සාධාරණත්වය, සමාජ සාධාරණත්වය සහ සමානාත්මතාවය – social justice and equity කියලා කියනවා – ඒ ප්‍රතිපත්තීන් තුළ සම සේ බෙදාහැරීම. කවදාවත් අපි කියන්නෙ නැහැ සමාජවාදයට රට ගොඩගන්න පුළුවන් කියලා. කවදාවත් අපි කියන්නෙ නැහැ අන්තවාදී ලුම්පන් ධනවාදයෙන් සමාජ සාධාරණත්වය ඉෂ්ට වෙයි කියලාත්. අපි ඇත්ත වශයෙන්ම කියන්නෙ මේ මැද මාවත. Third way එක. මේ Third way එක තුළින් ඉස්සරහට යන්න මං හිතන්නෙ මේ රටේ අතිමහත් බහුතරයක් කැමතියි. ඒකට වමේ අයත් කැමතියි, දකුණෙ අයත් කැමතියි”

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් සමග සංවාදයකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...