අභියෝග හමුවේ පළායෑමේ සිරිතක් අපිට නෑ – මහින්ද තීන්දුව ප්‍රකාශ කරයි

Date:

අද (09) දිනයේ අරලියගහ මන්දිරයට රැස්ව සිටි විශාල පිරිස අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය තීරණය ප්‍රකාශයට පත්කර තිබේ.

“රට ආරාජික කරන්න අපිට අවශ්‍ය නෑ. මගේ ප්‍රතිපත්තිය අභියෝගවලට මුහුණදීලා අභියෝග ජය ගැනීම. අභියෝග හමුවේ පළායෑමේ සිරිතක් අපිට නෑ. අපි ඒවට පූර්වාදර්ශ දීලා තියෙනවා.”

“ආර්ථික අර්බුදය හමුවේ විරුද්ධ පක්ෂය තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයක් ගෙනියනවා. ඔවුන්ට අවශ්‍ය බලය විතරයි.”

“මහානායක ස්වාමීන්වහන්සේලා, කාදිනල් තුමා සංර්ව පාර්ශික ආණ්ඩුවක් යෝජනා කරනවා.”

“ජනාධිපතිතුමාට බාධාවකින් තොරව තීන්දුවකට එළබෙන්න පුළුවන්.”

“පොදුජන යහපත වෙනුවෙන් තීරණයක් ගන්නවා නම් ඒ වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කරන්න මම සූදානම්.”

“මාව දේශපාලනයට ගෙනාවේ ඔබ තැබූ විශ්වාසය.”

“මම දැන් ඔබෙන් අහනවා දැන් මොකද කරන්නේ කියලා.”

“ඔබත් එක්ක එක තීරණයට එන්න අපි සූදානම්.”

“පළමුවත් මව්බිම. දෙවනුවත් මව්බිම. තෙවනුවත් මව්බිම.”

“ඔබ සැමට සුබ අනාගතයක්.”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔලිම්පික් සහ ඇත්ලටික් – සුගත්! පියරේට ගරු කරමු

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: ශ්‍රී ලංකාවට තවමත් නිල...

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඇයි?

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් රජය අද (දෙසැම්බර් 18...

අස්වැසුම ප්‍රතිලාභීන් කළ කැපකිරීම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අස්වැසුම ප්‍රතිලාභීන් විසින්...