දැන් ඝාතන වැඩිවෙලා තියෙන්නේ අපරාධකරුවන්ට දේශපාලන රැකවරණයක් නැති නිසා – අගමැතිනියගෙන් අමුතු කතාවක්

Date:

වර්තමානයේ රට තුළ ඝාතන වැඩිවීමක් දක්නට ලැබෙන්නේ අපරාධකරුවන්ට දේශපාලන රැකවරණයක් නොලැබෙන නිසා බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

ප්‍රශ්නය – දැන් රට තුළ අපරාධ වැඩිවීමක් තියෙනවා. ඊයෙ දිනයේදී අපි දැක්කා ගල්කිස්සේදීත් පන්න පන්නා ගිහින් වෙඩි තියනවා. රජයක් විදියට ඇයි නීතිය සම්බන්ධයෙන් ඉතාම නිද්‍රාශීලී මට්ටමක ඉන්නේ ?

“නිද්‍රාශීලී නෑ මං හිතන්නෙ. ඔබ දන්නවා දැන් ඇතිවෙලා තියෙන තත්වය තුළ අපරාධ රැල්ලට, ඒ අපරාධකරුවන්ට, කල්ලිවලට දේශපාලන රැකවරණයක් නෑ. ඒ දේශපාලන රැකවරණය නැතිවීමත් සමග මේ කැළඹීම එනවා. එතකොට ඔවුන් අතර තියෙන ප්‍රතිවිරෝධතාත් වෙනදාට වඩා ඉස්මතු වෙනවා. ඒක තමා ස්වභාවයෙන්ම සිද්ධවෙන්නෙ අර දේශපාලන රැකවරණය ඒගොල්ලොන්ට අහිමි වෙනකොට. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට තමා අපි දකින්නෙ. අපි හිතනවා ඒකට පොලීසිය නිසි විදියට පිළිතුරු සපයයි. අපිට නීතිය හා සාමය පවත්වාගෙන යන ආයතනවලටත් මීට වඩා හොඳින් දේවල් කළ යුතුයි කියලා අපිත් ඒ ස්ථාවරයේ ඉන්නවා. නමුත් අර දේශපාලන රැකවරණය මේ කල්ලිවලට නැතිවුණාම ඒ අය අතර ඇතිවෙලා තියෙන කැළඹීමක ප්‍රතිඵලයක් තමයි මේ පේන්න තියෙන්නෙ”

හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ අද (මැයි 06) දිනයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිතිකරු නාමාවලිය වෙනස් කිරීම පරාජයට හේතු වූවා ද? හසිනි සහ දුලානිගෙන් ඉන්දියාවට රිඳෙන ඉණිම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ඉන්දියාව සමඟ පැවති විස්සයි...

ඉරානයේ මුදල් ඒකක පහත වැටීම හේතුවෙන් විරෝධතා අඛණ්ඩව තුන්වන දින දක්වා ක්‍රියාත්මක වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ මුදල්...

රෝහලක් තුළ වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : බන්ධනාගාර ...

අයවැය ඡන්දය අතරේ කොළඹ මහ නගරසභාවේ වංචා දුෂණ හොයන්න ජනාධිපති කොමිසමක් පත්කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි...