මියන්මාරයේ සයිබර් කඳවුරුවල සිරවී සිටි පිරිස දිවයිනට!

Date:

රෂිකා හෙන්නායක

කළකට ඉහත සිට මියන්මාරයේ සයිබර් කඳවුරුවල රඳවා සිටි ශ්‍රී ලාංකික තරුණයන් 15 දෙනෙකු, සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙන බව සඳහන් වේ.

ඒ, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය තායිලන්ත සහ මියන්මාර රජයන් සමඟ සිදුකල රාජතාන්ත්‍රික මෙහෙයුමකින් අනතුරුව වන අතර,  අදාළ තරුණයන් පිරිස මියන්මාරයේ, මියවැඩි නැමති ප්‍රදේශයේ පිහිටි සයිබර් කඳවුර තුළින් මුදාගෙන දේශසීමාව ඔස්සේ තායිලන්තය වෙත රැගෙන විත් තිබෙන බව පැවසේ.       

පසුව ඔවුන් තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ බවත්, එලෙස රැගෙන ආ තරුණයන්ගේ නිශ්කාශන කටයුතු නිමා කිරීමෙන් පසු ගම්බිම් බලා යාම සඳහා ඔවුන් කටුනායක ගුවන් තොටුපොළෙන් නිදහස් කර තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : හෙට (17) දිනයේදී...

“සෙවණැලි 63 ක් ඔබ පසුපස එනු ඇත”මැසිඩෝනියාවේ විරෝධතාකරුවන් දහස් යුක්තිය ඉල්ලා වීදි බසී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාර්තු...

වසරේ සමස්ත සංචාරක ඉපැයීම් ඉහළට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මෙම වසරේ ජනවාරි...

විදෙස් සංචාරකයන්ට ලංකාව එපා කරවන මෙවැන්නන් සොයා ගැනීමට පොලීසියට සහය වෙමු!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : පසුගියදා , ...