අම්සිකාට යුක්තිය ඉටුවන්නේ කවදාද ;අපරාධකරු නිදැල්ලේ ?

Date:

කොළඹ බම්බලපිටිය රාමනාදන් හින්දු කාන්තා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගනුම ලැබූ පාසල් දැරියක් එම පාසලේම ගුරුවරයකු විසින් අපයෝජනයට ලක්කිරීම හේතුවෙන් සිදු වූ මානසික කම්පනය නිසා සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ.

අදාල දැරිය ලිපියක් ලියා තබා සියදිවි හානිකරගෙන ඇති අතර අපයෝජනයට සම්බන්ධ ගුරුවරයා මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

මේ හේතුවෙන් අපරාධකරු අත්අඩංගුවට ගෙන නිසි දඬුවම් පනවන මෙන් දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් ඩුප්ලිකේෂන් පාර අවහිර කරමින් විරෝධතාවයක නියැලෙමින් සිට ඇති අතර තත්වය පාලනය කිරීම වෙනුවෙන් කැරලි මර්දන එකක ද කැඳවා තිබිණි.

මින් අනතුරුව අධ්‍යාපන අමාත්‍යංශයද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, අදාළ විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් නිදහසට කරුණු විමසීමටත්, සිද්ධියට අදාළ ගුරුවරයා වහාම ස්ථාන මාරු කිරීමටත් කටයුතු කර ඇති බවත්ය.

එමෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙ මේවන විට පොලිස් විමර්ශන වාර්තාවක් කැඳවා ඇති අතර, වාර්තාව ලද වහාම විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...