අතීත “සමයං” වසර ගණනකට පසු හෝමාගම වෙඩිල්ල සමඟ යළි උඩට!

Date:

රෂිකා හෙන්නායක

ඊයේ රාත්‍රියේ හෝමාගම, මාලපල්ල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා, 2017 වසරේ සිදු වූ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘සමයං’ ඝාතනයට සම්බන්ධ වෙඩික්කරුවන්ට වාහනයක් සැපයූ අයෙකු බව  අනාවරණ වී ඇත.

පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 43ක් වූ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

එම වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බව දැනට සිදු කළ විමර්ශනයේදී අනාවරණ වී ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

පොහොර සහනාධාරය QR ක්‍රමයට!

කොළඹ LNW:ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබාදීමේදී ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ...

අල්ලස් චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තවදුරටත් රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් සංස්කෘතික අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ්...

ජාතික ක්‍රීඩා චෙස් පිරිමි සූරතාවය වයඹට කාන්තා සූරතාවය බස්නාහිරට

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ගාල්ල නගර...